ඉ කුත් 21දා පාස්කු ඉරිදා ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු හෝටලයේ නැවැතී සිටි ඉන්දියන් ජාතිකයන් දෙදෙනකු සහ හෝටල්...
ඉකුත් 21දා පාස්කු ඉරිදා ෂැංග්‍රිලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු හෝටලයේ නැවැතී සිටි ඉන්දියන් ජාතිකයන් දෙදෙනකු සහ හෝටල් අවන්හලේ සේවය කළ සේවකයකු අතුරුදන් වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (6දා) කොළඹ කොටුව අධිකරණයට දැනුම් දුන්නේය. ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල්වලට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධීන් සම්බන්ධව සිදුකරන විමර්ශනය පිළිබඳව අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව පැවැසීය.
එම සිද්ධිය සම්බන්ධව සිදුකරන විමර්ශනයන් සඳහා නියෝග ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී අධිකරණයට කරුණු දැක්වීම සිදුකෙරිණි.
බෝම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ෂැංග්‍රිලා හෝටලය තුළ පුද්ගලයන් 361 දෙනෙක් නැවතී සිටි බවද බෝම්බ ප්‍රහාරයෙන් විදේශිකයන් 24 දෙනකු ශ්‍රී ලාංකිකයන් 12 දෙනකු ඇතුළු 36 දෙනකු මිය ගොස් ඇති බවද ඊට අමතරව විදේශිකයන් 12 දෙනකු සහ ශ්‍රී ලාංකිකයන් 22 දෙනකු තුවාල ලබා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබිණි.
ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාට සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුට නැවතීම සඳහා හෝටල් කාමර වෙන්කර දී ඇත්තේ එකම පුද්ගලයකු බවද ඔහු මේ වන විට මියගොස් ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියහ.
මොහොමඩ් ඊබ්‍රහිම් දුල්හාම් අහමඩ්, මොහොමඩ් ඊබ්‍රහිම් දුල්ෂාන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අධ්‍යක්ෂ ධුර දැරූ දැනට රැඳවුම් භාරයේ සිටින ඔවුන්ගේ පියා වන මොහොමඩ් යුෂුෆ් මොහොමඩ් ඉබ්‍රාහිම් යන අයට අයත් ඉෂානා එක්සේපෝර්ට් නමැති කුළුබඩු සම්බන්ධ ව්‍යාපාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකළ බවද එහිදී එම ආයතනයේ ගණකාධිකාරිවරයකු වශයෙන් සේවය කළ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගත් බවද ඔහු මේ වන විට රැඳවුම් භාරයේ රඳවා සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු වන මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් යන අයගේ සහෝදරිය වන මොහොමඩ් ෂාඉම් මදනියා මේ වන විට මඩකළපුව බන්ධනාගාරයේ සිටින බවද ඇයගේ රුධිර සාම්පල් ලබාගැනීම සඳහා අම්පාර රෝහලට යොමුකරන ලෙස මඩකළපුව බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර අදාළ බෝම්බකරුගේ ශරීර කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂාවකට ලක්කර වාර්තාවක් සපයන ලෙසට රස පරීක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
අදාළ ඉල්ලීම් සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අදාළ නියෝග නිකුත් කළ අතර අදාළ එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ හිසෙන් ලබාගත් කොටස් පරීක්ෂාවට ලක්කර එහි රසායනික කොටස්, බෝම්බ කොටස් ඇත්දැයි පරීක්ෂාවට ලක්කර අධිකරණයට වාර්තා කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා විසින් රජයේ
රස පරීක්ෂකවරයාට නියෝග කෙරිණි.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගේ පියා වන යුසුෆ් මොහොමඩ් ඉබ්‍රාහිම් යන අයට අයත් දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පිහිටි නිවෙසේ සිට අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ, නිල් මැණික් 3ක් මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කළ අතර එම නිවෙසේ සේප්පුවක තිබී අත්අඩංගුවට ගත් විදේශ මුදල් තොගයක්, එක්කෝටි පහළොස් ලක්ෂයක මුදලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රන් භාණ්ඩ, නිල් මැණික් ආදිය රාජසන්තක කිරීම සඳහා ඒවා පරීක්ෂා කර වටිනාකම් වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට ඉල්ලීමක් කළ අතර අදාළ නියෝගය මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කෙරිණි.
අදාළ බෝම්බකරුවන් ගමන් කළ වාහන 7ක් අත්අඩංගුවට ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, අධිකරණයට දන්වා සිටි අතර අදාළ වාහන පොදු වාහන ලෙස අදාළ බෝම්බකරුවන් භාවිත කර ඇති බවත් එම වාහන අදාළ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ නැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
ඒ පිළිබඳව සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරයා අදාළ වාහනවල රසායනික ද්‍රව්‍ය හෝ පුපුරන ද්‍රව්‍ය ඇත්දැයි පරීක්ෂා කර බලා විශ්ලේෂණ වාර්තාවක් අධිකරණයට ගොනුකරන ලෙසට රජයේ රස පරීක්ෂවරයාට නියෝගයක් නිකුත් කළ අතර විශ්ලේෂණයෙන් පසු අදාළ වාහන ලියාපදිංචි අයිතිකරුවන්ව මුදා හැරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලය ලබාදෙන බවට මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ ඒකක අංක 1හි ස්ථානාධිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයෙක් අධිකරණයේ පෙනී සිටියේය.
අමිල අබේරත්න

COMMENTS