දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ජනපති, අගමැති, විපක්ෂ නායක විධායක ක්‍රමය වෙනස් කිරීම පිළිබදව එකම ස්ථාවරයකට ඇවිල්ලා" - රවී
Homeප්‍රවෘත්ති

"ජනපති, අගමැති, විපක්ෂ නායක විධායක ක්‍රමය වෙනස් කිරීම පිළිබදව එකම ස්ථාවරයකට ඇවිල්ලා" - රවී

PropellerAds

'විධායක ක්‍රමය වෙනස් කිරීම පිළිබද කතිකාව ඇතිකළේ මාස ගණනකට පෙර. මෙම විධායක ක්‍රමය මුලින්ම ගෙනඒමට පුරෝගාමීන් වූයේ, ලලිත් ඇතුලත්මුදලි, ගා...

කාත්තන්කුඩියෙන් තවුහිද් ජමාත් පුහුණු කඳවුරක් සොයාගනී..[Video]
තවුහිද් ජමාත් බෝම්බ විශේෂඥයා සොයා ගනියි !
හදිසි නීතිය අවසන් වු පසු බුර්කා තහනමත් අවසන්..- පරණවිතාන
'විධායක ක්‍රමය වෙනස් කිරීම පිළිබද කතිකාව ඇතිකළේ මාස ගණනකට පෙර. මෙම විධායක ක්‍රමය මුලින්ම ගෙනඒමට පුරෝගාමීන් වූයේ, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ජේ.ආර්. ජයවර්ධන යන අයයි. මේ අය මේ ක්‍රමය හොදයි කියලා නීතිගත කළා. නමුත් වැඩිකල් යන්න කලින් මේකේ නොගැලපෙන බව තේරුණා. ජනාධිපතිතුමා,  අගමැතිතුමා මේ  මැතිවරණයට ඉදිරිපත් වුණේ මේ විධායක ක්‍රමය අහෝසි කරන පොරොන්දුව පිට. ඇත්තටම මට සතුටුයි, අපේ ජනාධිපතිතුමත්, අගමැතිතුමත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් මේ විධායකය වෙනස් කිරීම පිළිබදව අද එකම ස්ථාවරයකට පැමිණ තිබීම පිළිබදව.  දැන් අපි මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. මට පේන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න හොදම මාර්ගය තමයි මේ විධායක ක්‍රමය අහෝසි කිරීම. මෙ සම්බන්ධව අදහස් දක්වන මහානායක ස්වාමීන්වහන්සේලා දෙනමත් පවසන්නේ, රටට ගැලපෙන ආකාරයට යම් වෙනසක් සිදුවෙනවානම් එය වියයුතුයි කියලා' යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.
ඒ මහතා මෙම අදහස් පළකළේ‍, පසුගියදා මහනුවර ශ්‍රී දළදා මාළිගාව වන්දනාමාන කිරීම සහ මහානායක ස්වාමීන්වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.
 
අමාත්‍ය කරුණානායක මහතා මහානායක ස්වාමීන් වහන්සේලා හමුවී රටේ වර්තමාන දේශපානමය සහ සමාජමය කරුණු පිළිබදව සාකච්ඡා කළ අතර වැඩකරන දේශපාලඥයෙක් වශයෙන් අමාත්‍යවරයා උන්වහන්සේලාගේ ප්‍රශංසාවට ලක්විය. එසේම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පවතින ස්ථීර ප්‍රතිපත්තියක් නොමැති දේශපාලනය පිළිබදව සිය අප්‍රසාදය පළකල ස්වාමීන් වහන්සේලා, එම ප්‍රතිපත්තියක් නොමැති දේශපාලනයම අද රටේ ජාතික ප්‍රතිපත්තිය බවට පත්වී ඇති බවත් පැවසීය. පෞද්ගලික වාසි පසෙක තබා, පක්ෂ දේශාපලනයෙන් බැහැරව රටේ උන්නතිය වෙනුවෙන් සාමූහිකව එක්විය යුතු කාලය දැන් එළඹ ඇතැයි පැවසූ නායකස්වාමීන් වහන්සේ, වැඩක් කරන අමාත්‍යවරයෙක් වශයෙන් ඒ වෙනුවෙන් නායකත්වය ගැන කටයුතු කරන මෙන් අමාත්‍යවරයාට පවසන ලදී.  මෙහිදී මෙම හමුව සිහිගන්වනු වස් විශේෂ තිළිණයක්ද නායක හිමියන් විසින් අමාත්‍යවරයාට පිරිනමන ලදී.  අමාත්‍ය කරුණානායක මහතා මහනුවර බහිරවකන්ද විහාරාධිපති හිමියන්ද බැහැදැකීමට ගියේය. 
මාධ්‍යයට වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
'රටට, ජනතාවට යහපතක් වෙනවානම් ඒක තමයි කල යුත්තේ. ඡන්ද කාලෙට පමණක් සුරංගනා කතා කියන එක නෙමෙයි කළ යුත්තේ. මේ රට හදන්න ඕනකමක් තියෙනවානම්, ඒක කරන්න බැරි නැහැ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින, බොහොම ශක්තිමත්, එකමුතු පක්ෂයක්. අපට පාට, පක්ෂ නෙමෙයි අවශ්‍ය වන්නේ. ජනතාව මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන්නේ, තමන්ව නියෝජනය කරයි කියන දැඩි විශ්වාසය මතයි. එහෙම නැතිව පාර්ලිමේන්තුවට ගිහින් විහිළු කරන්න නෙමෙයි. ඒ නියෝජනය කිරීම තුළින් යම් වැරදි දේවල් සිදුවුණොත්, ඒක බලපාන්නේ රටට විතරක් නෙමෙයි, ඒ තුළින් සමස්ත ලෝකයටම මේ රට පිළිබදව තිබෙන විශ්වාසය කඩා වැටෙනවා. එ.ජා.ප. ය ඕනම ඡන්දයකට සූදානම්. යහපත් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ඇතිකිරිම උදෙසා පසුගියදා සභා සම්මත කල පනත තුළින් ඉදිරිපත් කරලා තිබෙන්නේ මන්ත්‍රීවරුගේ ක්‍රියාකලාපය කෙබදු වියයුතුද යන්න පිළිබදවයි. එම ක්‍රියා කලාපය රටට ඔබින, ලෝකයට ආදර්ශමත් ආකාරයෙන් සකස් වියයුතුයි යන්නයි මගේ අදහස. මන්ත්‍රීවරයෙක් යම් වැරැද්දක් සිදුකළහොත් ඔහුගේ පාර්ලිමේන්තු සේවා කටයුතු අත්සිටුවීම ආදි නීති මෙම පනත තුළ තිබෙනවා. මෙවැනි දැඩි නීති දැමීම තුළින් යම් ක්‍රම, ආදර්ශමත් බවක් ඇතිකළ හැකිවේවි.  මට අවශ්‍ය වන්නේ මගේ අමාත්‍යංශය තුල වංචා දූෂණ අවම කිරීම නෙමෙයි, නැති කිරීමයි.  මම ඒ අභියෝගය බාර ගත්තා. දැන් සති තුනකට කළින්  මම මගේ අමාත්‍යංශයේ  දූෂණ වංචා ගැන සොයාබලන්න, විවේචනය කරන්න විවෘත අවස්ථාවක් ඇති කලා. ඒ තුළින් පූර්ණ විනිවිද භාවයකින් දැන් කටයුතු කරන්න හැකිවෙලා තිබෙනවා."

"මම අමාත්‍යාංහය බාර අරන් දින 53 යි. ඒ කෙටි කාලයට මට පේනවා වසර ගණනාවක් තිස්සේ මේ අමාත්‍යාංශය තුළ තිබෙන ප්‍රශ්න. ඒවා නිවැරදි කිරීමක් අවශ්‍යයි. විදුලි නිෂ්පාදන වියදම,  විකුණුම් මිලට වැඩිය වැඩිවෙලා, ඒ තුළින් පාඩු ලැබීමක් තමයි ප්‍රධාන වශයෙන් තිබෙන්නේ. මට පාරිභෝගිකයාට මිල වැඩි කිරීමක් කරන්න බැහැ. ඉදිරියේදී යම් විදියකට මිල අවම කිරීමට තමයි මම උත්සාහ කරන්නේ. එහෙමනම් මේ ලබන පාඩුව නැති කරන්න  කළ යුත්තේ නිෂ්පාදන වියදම අඩු කරගැනීමයි. ඒකට තමයි අපි මේ නිර්භීතව කටයුතු කරන්නේ. නමුත් එක්කෙනෙක් දෙන්නෙක් මේක විකෘති කරලා ප්‍රාණ ඇපකරුවන් කරගෙන කටයුතු කිරීමේ වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ අය  මාධ්‍ය අල්ලාගෙන කටයුතු කලාට,  පාරිභෝගිකයාට සෙතක් සැලසෙන අයුරින් දූෂණය නැති කරලා, අක්‍රමිකතා නැති කරන්න අපි නිර්භීතව කටයුතු කරනවා. හැබැයි වැඩකරන කෙනාට තමයි පහර ගහන්නේ.  ඇතිවිය හැකි වියලි කාලගුණික තත්ත්වයට මුහුණ දෙන්න ලංකා විදුලිබල මණ්ඩලය සූදානමින් සිටින්නේ. ලංවිම ඉංජිනේරුවන්ගේ සුවිශේෂී දක්ෂතා සහ උපායමාර්ග ක්‍රියාකලාපය තුළින් අභියෝග ජයගන්න අපි ක්‍රියාකරනවා. ලබන වසර වනවිට ඉතාමත් සවිශකිතමත් විදුලි ජනන ක්‍රියාමාර්ගයකට අපි අවතීර්ණ වෙන්න සූදානම්. මේ වනවිට සූර්ය, සුළං, මුහුදු රළ ආදි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් අපි යොමුවෙලා තිබෙනවා. ජල විදුලියත් ප්‍රශස්ත මට්ටමෙන් යොදාගන්නවා. මීට අමතරව තායිලන්තය යොදාගනු ගබන කෘතීම වැසි ඇති කිරීම සදහාත් අපි යොමුවීමට බලාපොරොත්ත වෙනවි. අපිට අවශ්‍ය වන්නේ මොනයම් ආකාරයකින්වත් පාරිභෝගිකයාට බරක් ඇතිවන පරිදි මිල වැඩි නොකර විදුලිය සපයන්නයි' යැයි පැවසීය. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ජනපති, අගමැති, විපක්ෂ නායක විධායක ක්‍රමය වෙනස් කිරීම පිළිබදව එකම ස්ථාවරයකට ඇවිල්ලා" - රවී
"ජනපති, අගමැති, විපක්ෂ නායක විධායක ක්‍රමය වෙනස් කිරීම පිළිබදව එකම ස්ථාවරයකට ඇවිල්ලා" - රවී
http://am.lk/media/k2/items/cache/02c58c5147218fd2d7f566b6cdbce1c0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_528.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_528.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy