දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට ඉහල පෙළේ දේශපාලඥයින්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ සහය
Homeප්‍රවෘත්ති

පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට ඉහල පෙළේ දේශපාලඥයින්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ සහය

PropellerAds

මත්කුඩු ජාවාරම්කරුවන්, පාතාලය සහ සංවිධානාත්මක අපරාධ ඇතුළු විවිධ ආකාරයේ ජාවාරම්වල යෙදෙන අපරාධකරුවන්ට එම ජාවාරම් නිදහසේ කරගෙනයාමට ඉඩකඩ සලසාද...

"මේ ගෑණි එළියට ඇදලා දාපන්" - දරුවාට බෙහෙත් ගන්න ගිය අම්මාට කෝප වූ වෛද්‍යවරිය බැන වදී
අරාබියට ගිය ලාංකික කත ගැන තොරතුරක් නෑ
මංගල මහින්දගෙනුත් සමාව ගත යුතුයි
පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට ඉහල පෙළේ දේශපාලඥයින්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ සහය

මත්කුඩු ජාවාරම්කරුවන්, පාතාලය සහ සංවිධානාත්මක අපරාධ ඇතුළු විවිධ ආකාරයේ ජාවාරම්වල යෙදෙන අපරාධකරුවන්ට එම ජාවාරම් නිදහසේ කරගෙනයාමට ඉඩකඩ සලසාදුන් බවට සැකකරන පොලිසියේ සහ විවිධ තරාතිරම්වල පුද්ගලයන් විශාල පිරිසක් සම්බන්ධයෙන් බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ.

මේ පිරිස අතර විශේෂයෙන් දේශපාලනඥයන් සහ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන්ද සහයෝගය ලැබී ඇති බවට එම තොරතුරුවලින් තවදුරටත් තහවුරු කෙරේ.

මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම ජාත්‍යන්තර සබඳතාද ඔස්සේ නිදහසේ කරගෙන යාමටත් පාතාල කල්ලි නායකයන් ඇතුළු අපරාධකරුවන්ට මෙරටින් විදෙස් රටවලට පැන ගැනීමට මෙම පුද්ගලයන්ගෙන් සහයෝගය ලැබී ඇති බවට ද තොරතුරු ලැබී තිබේ. මේ වනවිට ඩුබායිහි එරට අත්අඩංගුවේ පසුවන මධූෂ් ඇතුළු සෙසු ජාවාරම්කරුවන් විශාල පිරිසකට මෙරටින් එම රටවලට පැන ගැනීමට අවස්ථාව සලසාදී ඇත්තේද එම සමීපතම හිතවතුන් බවටද බුද්ධි අංශ මෙන්ම ඔත්තුකරුවන්ටද තොරතුරු ලැබී ඇත.

එසේ අත්අඩංගුවේ පසුවන පිරිස අතරින් සියයට අනූවක් පමණ මෙරටින් පැනගෙන ඇත්තේ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර හරහා බවද කියවේ. ඔවුන් එසේ ව්‍යාජ ගමන් බලපත්‍ර හරහා මෙරටින් පැනගනු ලැබ ඇත්තේ එම විදෙස් ගමන් බලපත්‍ර සකස්කිරීම, ඒවා පරික්ෂා කිරීම සහ මෙරටින් පලායාම යන අවස්ථා කිහිපයක් යටතේය.

එම අවස්ථාවලදී ඒවා නිසි පරීක්ෂාවකට ලක්නොකිරීම ඔවුන්ට සහයෝගයක් වශයෙන් සිතා මතා සිදුකළාද එසේත් නොමැතිනම් එම රාජ්‍ය නිලධාරීන්ගේ දෑසට වැලි ගසා පැන ගත්තා ද යන්න සම්බන්ධයෙන්ද ඉදිරියේදී පරීක්ෂාවට ලක්වනු ඇතැයි බුද්ධි අංශ නිලධාරීහු පැවසූහ.

මාකඳුරේ මධූෂ්, අංගොඩ ලොක්කා සහ තවත් පාතාල අපරාධකරුවන් ප්‍රථමයෙන්ම මෙරටින් පැනගෙන ඇත්තේ ඉන්දියාවටය. අංගොඩ ලොක්කා සහ තවත් පාතාල කල්ලි සාමාජිකයන් ඉන්දියාවෙන් ඩුබායි බලා යාමට සිටියදී එම ව්‍යාජ ගමන් බලපත්‍ර එරට පොලිසියට හසුවී තිබුණි.

පසුගිය කාලයේ එක්තරා පාතාල කල්ලි නායකයෙක් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ඔහු බේරාගැනීමට ඉදිරිපත්වූ දේශපාලනඥයෙකු එවකට ඔහු අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් සැකකරු නිදහස් කරන ලෙසත් නැතහොත් ඔහු කටුනායක ගුවන්තොටුපළ දක්වා ගෙන යන තෙක් ඊට අවස්ථාව සලසා දෙන ලෙසට ඉල්ලා තිබුණි. එහෙත් එම පොලිස් නිලධාරියා ඊට තදින්ම සිය අකමැත්ත ප්‍රකාශ කර තිබුණි.

තවද මත්කුඩු සහ මත්ද්‍රව්‍යද, මත්පැන් ඇතුළු තවත් දෑ වැටලීමට සූදානම්ව පොලිස් කණ්ඩායම් එම මෙහෙයුමට යොමුවන අවස්ථාවලදීත් අදාළ අපරාධකරුවන් දැනුවත්කර ඔවුන්ට පලායාමට ඔත්තු සපයන පොලිසියේ ඇතැම් නිලධාරීන් කටයුතු කර ඇති බවද පැවසේ.

පොලිසිය පමණක් නොව බන්ධනාගාරය, රේගුව යන ආයතනවලද ඇතැම් නිලධාරීන් අපරාධකරුවන්ට සහ‍යෝගය දී ඔවුන්ව ආරක්ෂා කිරීමත් ඔවුන්ට පැනයාමට අවස්ථාව සැලසීමත් සඳහා ඔවුන්ගෙන් විවිධ වරප්‍රසාද, මිලියන ගණන් මුදල් ලබාගෙන ඇති බවටද බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත. බුද්ධි අංශ මගින් එසේ සොයාගෙන ඇති තොරතුරු ඉතා කඩිනමින් අදාළ බලධාරීන් වෙත ලබාදෙන බවද කියයි.

(දිනමිණ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට ඉහල පෙළේ දේශපාලඥයින්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ සහය
පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට ඉහල පෙළේ දේශපාලඥයින්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ සහය
http://am.lk/media/k2/items/cache/0d019e8304ec3cda34e9dd5b89ec35ed_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_387.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_387.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy