පසුගිය ආණ්ඩුව සමයේ තෙල් මිල පිළිබඳ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමාව ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු ම...
පසුගිය ආණ්ඩුව සමයේ තෙල් මිල පිළිබඳ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමාව ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මංගල සමරවීර අමාත්‍යවරයා පැවසු පරිදි පසුගිය ආණ්ඩු සමයේ කිසිදු අවස්ථාවක බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 40ක් නොවු බව මන්ත්‍රිවරයා පැසීය.
ඊයේ (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.
එමෙන්ම මංගල සමරවීර අමාත්‍යවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙම තෙල් මිල සම්බන්ධයෙන් විවාදයකට ආරාධනා කිරීම ද විහිලුවක් වි ඇති බවද මන්ත්‍රිවරයා එහිදි ප්‍රකාශ කළේය.
මංගල සමරවීර අමාත්‍යවරයා තෙල් මිල සම්බන්ධයෙන් කළ අසත්‍ය ප්‍රකාශ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළා නම් එය එතරම් ප්‍රශ්නයක් නොවන අතර වගකිවයුතු අමාත්‍යවරයෙක් මෙවැනි ප්‍රකාශ කිරීමෙන් ජාත්‍යන්තර ගැටළු පවා ඇති විය හැකි බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා මෙහිදී පැවසීය.
මෙම මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල්.පිරීස් මහතා පැවසුවේ වර්තමාන ආණ්ඩුව මේ වන විට ජනතාවට නාට්‍යයක් රඟ දක්වමින් සිටින බවය.
මහජනතාවට මුහුණ දිමට සිදු වන දැවෙන ප්‍රශ්න අමතක කිරීම සඳහා වත්මන් ආණ්ඩුව විවිධ වු දේශපාලනමය මාතෘකා කරළියට ගෙන එමින් සිටින බවද මහාචාර්යවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.
COMMENTS