දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොතලාවල විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකගේ පහරදීමෙන් සිසුන් තිදෙනෙක් රෝහලේ
Homeගොසිප්

කොතලාවල විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකගේ පහරදීමෙන් සිසුන් තිදෙනෙක් රෝහලේ

PropellerAds

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් කරන ලදැයි කියන පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ එහි දෙවැනි වසරේ සිසුන් තිදෙනෙකු ...

කීත් නොයාර් ප්‍රහාරය ගැන ලලිත් අලහකෝන්ගෙන් ගෙන් ප්‍රබල සාක්ෂියක්.
රනිල් ඉවත් කිරීම : ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම අත්හිටුවයි.
අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට : පමාවේ වගකීම එජාපයට.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් කරන ලදැයි කියන පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ එහි දෙවැනි වසරේ සිසුන් තිදෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ දේශන ශාලාවකට කඩා වැදුණු එහි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් එම දේශනයට සහභාගී වෙමින් සිටි දෙවැනි වසරේ සිසුවකුට පහරදී ඇතැයි ද ඔහු පහරකෑමෙන් වළකාලීමට ඉදිරිපත් වූ තවත් සිසුන් දෙදෙනකුට ද ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහරදී ඇතැයි ද වාර්තා වේ.

පහර කෑමෙන් තුවාල ලත් එක් සිසුවකු කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයට අනියුක්ත වේරහැර පිහිටි රෝහලට ඇතුළත් කර ඇති බවත් අනෙක් සිසුන් දෙදෙනා රත්මලානේ පිහිටි කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේදීම ප්‍රතිකාර ලබන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පරීක්‍ෂණ කටයුතු සිදුකරන හෙයින් වැඩිදුර තොරතුරු හෙළිවී නැතැයි ද සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ උපකුලපති ජනරාල් ඉඳුනිල් රණසිංහ මහතාගෙන් සිදු කළ විමසීමකදි ඔහු පැවැසුවේ තම විද්‍යා පීඨයට පිටතින් පැමිණෙන සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ සිද්ධියක් හේතුවෙන් සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් පිරිසකට පහරදී ඇති බවය.

පහරදුන් සිසුන් පිරිස කවුරුන් ද යන්න මේ වනවිටත් හඳුනාගෙන ඇති බවක් මෙම  සිද්ධිය පිළිබඳව විනය මණ්ඩලය විසින් කඩිනමින් පරීක්‍ෂණයක් ආරම්භ කළ බවත් මෙම සිදුවීමට සම්බන්ධ සිසුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් ජනරාල් ඉඳුනිල් රණසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

පහරකෑමට ලක්වූ බව කියන සිසුවකුගේ දෙමාපියන්ගෙන් කළ විමසීමකදි ඔවුන් පැවැසුවේ මේ පිළිබඳව මාධ්‍යයට වාර්තා  වුවහොත් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ නමට කැළලක් වන බව පවසමින් පහරකෑමට ලක්වූ සිසුන් රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදිම පවා ප්‍රමාද කළ බවය.

-මනෝප්‍රිය ගුණසේකර-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොතලාවල විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකගේ පහරදීමෙන් සිසුන් තිදෙනෙක් රෝහලේ
කොතලාවල විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකගේ පහරදීමෙන් සිසුන් තිදෙනෙක් රෝහලේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsQLSavSTGwk5MWmTv1_oWbVXOpYkRKIqVy5B0_rv8Vz5VrYheQIEPezD_cYBlz_KO5KGbqSIGQajL6genuFjYsr5B6wF2VuXqrc5J3GLWZLM0t2YK63z6unq9ivv-8wwQl5_Yq-N7zLI/s1600/chrome_2019-02-12_10-39-32.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsQLSavSTGwk5MWmTv1_oWbVXOpYkRKIqVy5B0_rv8Vz5VrYheQIEPezD_cYBlz_KO5KGbqSIGQajL6genuFjYsr5B6wF2VuXqrc5J3GLWZLM0t2YK63z6unq9ivv-8wwQl5_Yq-N7zLI/s72-c/chrome_2019-02-12_10-39-32.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_281.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_281.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy