අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල ස...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කර ඇත.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයින්ගෙන් ලද උපදෙස් අනුව අදාළ තීරණය ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
19 වැනි සංශෝධනය යටතේ අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළවී තිබූ අතර එම සංශෝධනයේ 46 වැනි පරිච්ඡේදයට අදාළ වගන්ති සම්බන්ධයෙන් ජනාධිපති උපදේශක වරුන්ගේ දැඩි අවධානය යොමුවී තිබේ.
ඒ අනුව විවිධ මත පළවීම් නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම අත්හිටුවීමට කටයුතු කරන ලෙස ජ්‍යෙෂ්ඨ උපදේශකයින් දුන් උපදෙස් අනුව ශ්‍රේෂ්ඨාධිකරණ මතය නොවිමසීමට තීරණය කර ඇත.
COMMENTS