දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට : පමාවේ වගකීම එජාපයට.
Homeගොසිප්

අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට : පමාවේ වගකීම එජාපයට.

PropellerAds

අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට දිනයේ සිදුකිරීමට බොහෝදුරට ඉඩ ඇති බවත්, එහිදී ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයකම වෙනස්කම් සිදුවන බවත් ජනාධිපති කාර්යාලය...

චිනයේ අලිබබා ශ්‍රී ලංකාවේ ආයෝජනයට එනවලු
ක්‍රිකට් පුහුණුකරුගෙන් කැලේදී අතවර කරගත්තැයි කියා සිසුවිය පාසලෙන් දොට්ට දාලා
පොර ගව ප්‍රශ්නයකට තමිල්නාඩුවේ දහස් ගණන් ජනතාව විදී බසී

අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට දිනයේ සිදුකිරීමට බොහෝදුරට ඉඩ ඇති බවත්, එහිදී ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයකම වෙනස්කම් සිදුවන බවත් ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

වහාම කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී ඇතත් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය මණ්ඩල නිර්දේශ මෙතෙක් නොලැබීම කැබිනට් සංශෝධනය පමාවට හේතුව බව ඔහු කියා සිටියේය.

චෝදනා එල්ලවී ඇති ඇමතිවරුන්ට යළි එම අමාත්‍යංශ ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයා කළ බලපෑම් හේතුවෙන් එජාප අමාත්‍ය මණ්ඩල නාමලේඛනය කිහිපවරක්ම සංශෝධනය කිරීමට සිදුව ඇති අතර මෙහිදී එජාපයේ ඇතැම් ඇමතිවරුන් කහබහ කර ගනිමින් තම අමාත්‍යංශ මාරුකර ගෙන ඇතැයි වාර්තාවේ.

අද දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ දිනයේදී අනාවැකි පළ කළේය.

මේ අතර, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා කියා සිටියේ ආණ්ඩුව රගපෑ නාට්‍යය අවසන් කරමින් කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට සූදානම් වන බවයි.

මෙය වත්මන් රජයේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දරණ අමාත්‍ය ධුර ද ඇතුලුව මේ වනවිට රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 47 කි.

ඒ අතර ජනාධිපතිවරයා ද ඇතුලුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 15 කි.

අග්‍රාමාත්‍යවරයාද ඇතුලුව එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් 32 ක් වත්මන් අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරනු ලබයි.

මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් 22 ක් වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සිටින අතර, ඉන් 11 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ 11 එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබයි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් 11 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 12 ක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය 30 කට සීමා කර ඇති අතර රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 45 කට සීමා කර තිබේ.

කෙසේ වෙතත් වත්මන් රජය එම සීමාව ඉහළ දමනු ලැබුවේ ජාතික ආණ්ඩු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුවය.

තලතා අමාත්‍යධුරවලින් ඉවත්වීමේ සුදානමින් 

අවශ්‍යතාවක් මතුවුවහොත් අධිකරණ හා විදේශ රැකියා යන අමාත්‍යාංශ දෙකෙන්ම තමන් ඉවත්වීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තමා දැනුම් දුන් බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඊයේ (21දා) පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරිය මෙසේ පවසා සිටියාය.

ʻʻමම මගේ හැකියාව මේ අමාත්‍යාංශය තුළ පමණක් නෙවෙයි මාස 6ක් ඇතුළත අධිකරණ අමාත්‍යාංශය තුළත් පෙන්වා තියෙනවා. මම අගමැතිවරයාට දැනුම්දී තියෙනවා අවශ්‍ය නම් මේ අමාත්‍යාංශ දෙකෙන්ම ඉවත් වෙන්නත් ලබා දෙන ඕනෑම දෙයක් භාරගන්නත් සූදානම් කියලා. මම ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.

අපි කාටවත් ණය නෑ. අපේ වාහනවලට ආණ්ඩුවෙන් තෙල් ගහනවා නම් අපි ඒ වෙනුවෙන් උපරිමයෙන් වැඩ කරනවා. අපි වැඩ කරන්නේ හොරකම් කරන්නවත්, වංචා දූෂණ දේවල් කරන්න නෙවෙයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපාලනය ඇති කරන්න.” යැයිද අමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට : පමාවේ වගකීම එජාපයට.
අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට : පමාවේ වගකීම එජාපයට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBWpE_iNH0ppnrDLbZbkqAB0xGCJa2-Qoqz7JNGItZH0_A5G7V5UVR9-oJlYO2QVZwc9pB3Sf-htsiiJujEtdeLrJgJsoFyeiqmiH3dctGUaFH5m8ZJrkjI0yVGhVm-2e7UfmB54Jrozis/s1600/%25E0%25B6%25A2%25E0%25B6%25B1%25E0%25B6%25B4%25E0%25B6%25AD%25E0%25B7%2592%25E0%25B6%25A7+%25E0%25B7%2583%25E0%25B7%2584+%25E0%25B6%2585%25E0%25B6%259C%25E0%25B6%25B8%25E0%25B7%2590%25E0%25B6%25AD%25E0%25B7%2592%25E0%25B6%25A7+%25E0%25B7%2583%25E0%25B7%258F%25E0%25B6%25B0%25E0%25B7%258F%25E0%25B6%25BB%25E0%25B6%25AB+%25E0%25B6%2585%25E0%25B7%2580%25E0%25B7%2583%25E0%25B7%258A%25E0%25B6%25AE%25E0%25B7%258F+%25E0%25B7%2584%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B7%2592..jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBWpE_iNH0ppnrDLbZbkqAB0xGCJa2-Qoqz7JNGItZH0_A5G7V5UVR9-oJlYO2QVZwc9pB3Sf-htsiiJujEtdeLrJgJsoFyeiqmiH3dctGUaFH5m8ZJrkjI0yVGhVm-2e7UfmB54Jrozis/s72-c/%25E0%25B6%25A2%25E0%25B6%25B1%25E0%25B6%25B4%25E0%25B6%25AD%25E0%25B7%2592%25E0%25B6%25A7+%25E0%25B7%2583%25E0%25B7%2584+%25E0%25B6%2585%25E0%25B6%259C%25E0%25B6%25B8%25E0%25B7%2590%25E0%25B6%25AD%25E0%25B7%2592%25E0%25B6%25A7+%25E0%25B7%2583%25E0%25B7%258F%25E0%25B6%25B0%25E0%25B7%258F%25E0%25B6%25BB%25E0%25B6%25AB+%25E0%25B6%2585%25E0%25B7%2580%25E0%25B7%2583%25E0%25B7%258A%25E0%25B6%25AE%25E0%25B7%258F+%25E0%25B7%2584%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B7%2592..jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_544.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_544.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy