ඩේලි නිවුස් පුවත්පතේ කර්තෘ ලලිත් අලහකෝන් මහතා ලබා දුන් ප්‍රකාශ සහ අනෙකුත් සාක්ෂි පදනම් කර ගෙන මාධ්‍යවේදී කීත් නෝයාර් මහතාට එල්ල වූ ප්‍රහා...
ඩේලි නිවුස් පුවත්පතේ කර්තෘ ලලිත් අලහකෝන් මහතා ලබා දුන් ප්‍රකාශ සහ අනෙකුත් සාක්ෂි පදනම් කර ගෙන මාධ්‍යවේදී කීත් නෝයාර් මහතාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ දිගටම සිදු වන බව නීතිය හා සාමය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කීත් නොයාර් මහතා පරීක්ෂණ වලට සහය දීමට ශ්‍රී ලංකාවට නොපැමිණීම නිසා එම පරීක්ෂණ ඇණ හිට ඇතැයි පළ වුණ ඇතැම් වාර්තා නිවැරදි නොවන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ නොයාර් මහතා පැහැර ගැනීමට සුළු මොහොතකට පෙර ද ඔහු සමග සිට ඇත්තේ එවකට නේෂන් පුවත්පතේ කර්තෘවරයාව සිටි අලහකෝන් මහතා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට ඇත්තේ ද අලහකෝන් මහතා වේ.
ඒ නිසා එම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ගැටලුවකින් තොරව සිදු කළ හැකි බවත්,නොයාර් මහතාගේ සහය ද ඒ සඳහා ලබා ගැනීමට උපරිම උත්සාහ දරන බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
කීත් නොයාර් මහතා පැහැර ගැනීම සහ ඔහුට එරෙහිව එල්ල් වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
ෆොන්සේකා මහතා රහස් පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා යටතේ මෙහෙයවුණු කල්ලියක් මගින් පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර දියත් කෙරුණු බවය.
COMMENTS