ඊයේ දහවල් තමන් ක්‍රිකට් සභාපති තනතුරට තරග කිරීමට තීරණය කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහාපති තනතුර තමන් පත්වූයේ අහම්බයකින් බවත් ශ්‍රී ල...
ඊයේ දහවල් තමන් ක්‍රිකට් සභාපති තනතුරට තරග කිරීමට තීරණය කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහාපති තනතුර තමන් පත්වූයේ අහම්බයකින් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ෂම්මි සිල්වා මහතා පැවැසීය.
ඊයේ පැවැති නිලවරණයෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මෑත ඉතිහාසයේ මේ වගේ හොඳ නිලවරණයක් පැවැත්වූවා කියා මගේ මතකයේ නෑ. මට කතා කරන්න බෑ. මේක මට අහම්බෙන් ලැබුණ දෙයක්.ඊයේ දවාලේ මට ලැබුණ දෙයක්. මෙතුමා (මොහාන්ද සිල්වා) තමයි මේකේ සභාපති වෙන්න හිටපු එක්කෙනා. මම දන්නේ නෑ මොන දෛවයක් තිබිලා මේක ලැබුණද කියලා. කාගෙත් එක්කවත් කිසිම තරහක් නෑ. ඇමතිතුමාගේ සහායත් ඇතිව ලංකාවේ ක්‍රිකට් උඩට ගන්න තමයි මගේ කමිටුවේ බලාපොරොත්තුව. අපි කාත් එක්කවත් වෛරය පිරිමහා ගන්න බලාපොරොත්තු නෑ. මේක මැච් එකක් ගහලා එක පැත්තක් දිනලා තව පැත්තක් පරාජයට පත්වුණා. ක්‍රීඩකාගාරයට ගියාට පස්සේ ඔක්කොම ඉදලා සහයෝගයෙන් වැඩ කරන්න තමයි බලාපොරොත්තු වන්නේ. මම ක්‍රීඩා කර තිබෙනවා. මේක ඉසව්වක් පමණයි. ලංකාවේ ක්‍රිකට් හිනිපෙත්තමට නැගීමට කටයුතු කරනවා.”
COMMENTS