පා ර්ලිමේන්තුවේදී ඊයේ (05 වැනිදා) පක්‍ෂ විපක්‍ෂ මන්තී‍්‍රවරුන් විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න පහළොවක් (15) සඳහා පිළ...
පාර්ලිමේන්තුවේදී ඊයේ (05 වැනිදා) පක්‍ෂ විපක්‍ෂ මන්තී‍්‍රවරුන් විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න පහළොවක් (15) සඳහා පිළිතුරු ලබා දීමට අදාළ විෂයභාර ඇමැතිවරුන් කිසිවකුත් පාර්ලිිමේන්තුවට පැමිණ සිටියේ නැත.
ඒ අනුව අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇමැතිවරුන් වන මංගල සමරවීර, සජිත් පේ‍්‍රමදාස, රවුෆ් හකීම්, අර්ජුන රණතුංග, රංජිත් මද්දුම බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ, හරින් ප‍්‍රනාන්දු හා වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අමාත්‍යාංශවලින් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා පාර්ලිමේන්තුවේදී ඊයේ පිළිතුරු ලැබුණේ නැත.
ඒ වෙනුවට එම ප‍්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට අමතර කාලයක් ඉල්ලා සිටින බව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේය. පිළිතුරු ලබාදීමට අමාත්‍යවරුන් නොපැමිණීම ගැන ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ද සිය අප‍්‍රසාදය පළ කළහ.
බිමල් රත්නායක මහතා - අද මේ පාර්ලිමේන්තුවට කළු දිනයක්. කිසිම ඇමැතිවරයෙක් නෑ. ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න. ප‍්‍රශ්න 15 කට උත්තර දෙන්න කිසිම ඇමැතිවරයෙක් නෑ. මේක අසාධාරණයි.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - මම පිළිගන්නවා. පාර්ලිමේන්තු කටයුතුවලට ප‍්‍රමුඛත්වය දෙන්න කියා අපිට අගමැතිතුමා නිතර උපදෙස් දෙනවා. පාර්ලිමේන්තුවට පැමිණ ඒ කටයුතු කර අනෙක් වැඩවලට යන්න කියලයි එතුමා අපට කියලා තිබෙන්නේ.
එස්. එම්. මරික්කාර් මහතා - ඇමැතිවරුන්ගෙන් ප‍්‍රශ්න අසන එක මන්ත‍්‍රීවරයෙක්ගේ අයිතියක්. මං පුද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ගෙනත් තිබෙනවා. එනම් දහම් පාසල් අධ්‍යාපනය ඉරිදාට අනිවාර්ය කරන්න කියලා මේකට අවුරුදු දෙකක් විතර වෙනවා. අපි ප‍්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තර ලැබෙන්න මාස 06 ක් වත් යනවා. අපේ ප‍්‍රශ්නවලට උත්තර නොදීම අපේ වරප‍්‍රසාද උල්ලංඝණය කිරීමක්.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා - මම පිළිගන්නවා.
දයාසිරි ජයසේකර මහතා - අපි අපේ අනෙක් වැඩ දාලා උදෙන්ම පාර්ලිමේන්තුවට එනවා. ඒත් අපි අසන ප‍්‍රශ්නවලට විස්තර ලැබෙන්නේ නෑ. ආණ්ඩුවේ තිබෙන අර්බුද නිසයි මෙහෙම වෙන්නේ. පක්‍ෂයේ අර්බුද වෙනම විසඳාගන්න ඕනෑ. අද යූ. එන්. පී. අය කුරුණෑගල ගිහින්.
ආනන්ද අලූත්ගමගේ මහතා - අගමැති කියන දේ මන්ත‍්‍රීවරුන් පිළිගන්නේ නෑ. පාර්ලිමේන්තුව රැුස් කරන්න මහජන ධනය විශාල ලෙස වැය වෙනවා. මේ පාර්ලිමේන්තුව කල් දාලා අපි මැතිවරණ ඔක්කොම පවත්වමු.
චමින්ද විජේසිරි මහතා - අමාත්‍යාංශ නිලධාරීන් මේ ප‍්‍රශ්නවලට උත්තර එවලා තිබුණා නම් සභානායක තුමාට ඒවා ඉදිරිපත් කරන්න තිබුණා. මේකෙන් පැහැදිලිවන්නේ ඒ අමාත්‍යාංශවල අකාර්යක්‍ෂමතාවයි.
හේෂා විතානගේ, දයාසිරි ජයසේකර, චමින්ද විජේසිරි, ආනන්ද අලූත්ගමගේ, සුසන්ත පුංචිනිලමේ, ජයන්ත සමරවීර, වාසුදේව නානායක්කාර, මුහම්මදු නසීර්, බිමල් රත්නායක, ඉෂාක් රහුමාන්, වෛද්‍ය නලින්ද ජයතිස්ස, රෝහිත අබේගුණවර්ධන බන්දුල ගුණවර්ධන, කනක හේරත් යන මන්ත‍්‍රීවරුන් ඊයේ ප‍්‍රශ්න විමසා තිබුණි.

COMMENTS