පළාත් සභා මැතිවරණය නොවැම්බරයට පෙර පැවැත් වුයේ නැති නම් ඉල්ලා අස්වන බවට මැතිවරණ කොමිසමේ සභාපති මාධ්‍ය ඉදිරියේ පැවසිමෙන් පලක් නොවන බව අමාත්...
පළාත් සභා මැතිවරණය නොවැම්බරයට පෙර පැවැත් වුයේ නැති නම් ඉල්ලා අස්වන බවට මැතිවරණ කොමිසමේ සභාපති මාධ්‍ය ඉදිරියේ පැවසිමෙන් පලක් නොවන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
මැතිවරණ කොමිසමේ සභාපති ලෙස මහින්ද දේශප්‍රියත් පවතින ගැටළු විසඳා ගැනීමට මැදිහත් වියයුතු බව ඔහු කියා සිටි. ඔහු මේ බව කියා සිටියේ, මාධ්‍යවේදීන් විසින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්ය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මැතිවරණ කොමසාරිස් පහුගියදා රටට ප්‍රකාශයක් කරලා තිබුණා නොවැම්බර් මාසයට පෙර පළාත් සභා මැතිවරණය නොපැවැත්වුවොත් ඉල්ලා අස්වෙනවා කියලා. එතුමා මුහුද හත් ගව්වක් තියලා අමුඩය ගහලා තියෙන්නේ. මොකද තාම නොවැම්බර් වෙලා නෑ, නොවැම්බර් වලට කලින් ජනාධිපති මැතිවරණය වගේම පළාත් සභා මැතිවරණයත් තියන්න ඕන. ඒක තියයි. මැතිවරණ කොමසාරිස්තුමා ඉල්ලා අස්වෙන්න නෙමෙයි මැතිවරණය තියන්න කටයුතු කරන්න. ඉල්ලා අස්වෙන්න ලේසියි, අපි කියන්නෙත් මැතිවරණ තියන්න කියලා. අපි ඕනම මැතිවරණයකට සූදානම්, ජනාධිපති මැතිවරණයක් තියන්න ජනාධිපතුතමා කැමති වෙන්න ඕන. පළාත් සභා මැතිවරණය තියන්න නම් පාර්ලිමේන්තුවේ අවශ්‍ය සංශෝධන කරලා මැතිවරණය පවත්වන්න ඕන. අපි ඕනෑම වෙලාවක මැතිවරණයකට ලෑස්තියි. මැතිවරණ කොමසාරිස්තුමා සියදිවි නසාගෙන හරියන්නේ නෑ, එතුමා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා, එතුමාට වගකීමත් තියෙනවා අදාළ තැන් වලට කථා කරලා, සාකච්ජා කරලා තීන්දුවක් ගන්න. එතුමාට බොහෝම ලේසියි මාධ්‍ය ඉස්සරහට ඇවිත් මේක කෙරුවේ නැත්නම් මම ඉල්ලා අස්වෙනවා කියන්න, සියදිවි නසා ගන්නවා කියන්න. එහෙම කිව්වා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නෑ, එතුමාත් මේ සඳහා අවශ්‍ය කටයුතු කළ යුතු යැයි ඔහු කියා සිටියේය.
COMMENTS