දුගීභාවය පිටුදැකීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළත් සමග ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ජනතාව අතර දුගී භාවය සාධනීය ලෙස ප...
දුගීභාවය පිටුදැකීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළත් සමග ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ජනතාව අතර දුගී භාවය සාධනීය ලෙස පහළ අගයක් ගනිමින් තිබෙන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය සඳහා වූ උප සභාපති ආචාර්ය Hartwing Schafer මහතා පවසයි.
දිවයිනට පැමිණ සිටින ලෝක බැංකුවේ උප සභාපතිවරයා ඊයේ (15) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව ප‍්‍රකාශ කළේය.
අද ශ‍්‍රී ලංකාව ක‍්‍රමවත් ලෙස දියුණුව කරා පියමනින රටක් ලෙස ලෝක බැංකුව විසින් හඳුනාගෙන තිබෙන බව සඳහන් කළ උප සභාපතිවරයා ඒකපුද්ගල ආදායම මේ වන විට ඩොලර් 4000ක් බවට පත්ව තිබීම ද ඉතා සතුටුදායක තත්ත්වයක් බව කියා සිටියේය. ග‍්‍රාමීය වශයෙන් දිළිදු බව තුරන් කරමින් ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට කි‍්‍රයාත්මක කර ඇති විශේෂ ව්‍යාපෘති ඒ උදෙසා මහඟු පිටිවහලක් වී තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.
මේ අතර ශ‍්‍රී ලංකාවේ වැව් ප‍්‍රතිසංස්කරණ සහ පුළුල් වාරිමාර්ග සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට ද මෙහිදී උප සභාපතිවරයාගේ එකඟතාවය පළ කෙරිණි. වැව් දස දහසක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව් 2400ක ප‍්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට රජය අරඹා ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන් ම දේශගුණික හා කාලගුණික විපර්යාස හේතුවෙන් වන බලපෑම් අවම කර ගැනීමේ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුව ශී‍්‍ර ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහයට ද ජනාධිපතිවරයා සිය ස්තූතිය පිරිනැමීය.
ජල ගැල්මට ගොදුරු වන ප‍්‍රදේශවල සිට නිකරුණේ මහ මුහුදුට ගලා යන එම ජල කඳ නළ මාර්ගයෙන් වියළි කලාප වෙත රැගෙන යාමේ ව්‍යාපෘතියක් සඳහා සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ උප සභාපතිවරයා එම ඉල්ලීම ඉටුකිරීමේ හැකියාව පිළිබඳව කඩිනමින් සොයා බලන බවට ජනාධිපතිවරයා වෙත සහතික විය.
ශී‍්‍ර ලංකාවේ නීල හරිත කෘෂිකර්ම හා පරිසර ව්‍යාපෘති සඳහා ලබාදිය හැකි ආධාර පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක් කෙරුණු අතර කැළණි ගඟ ඉවුරු ශක්තිමත් කිරීම තුළින් කැළණි ගඟ අවට ප‍්‍රදේශවල ඇතිවන ගංවතුර පාලනය සඳහා ලෝක බැංකු අධාර යටතේ විශේෂ ව්‍යාපෘතියක් මේ වන විට කි‍්‍රයාවට නංවා තිබෙන අතර එම ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය සහය ලබාදෙන බව ද උප සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ලෝක බැංකුව විසින් ලබාදෙන සියලූ ආධාර දූෂණයෙන් සහ අක‍්‍රමිකතාවයෙන් තොරව විධිමත් අයුරින් අදාළ සංවර්ධන කටයුතු සඳහා අයෝජනය කරන බවට පැහැදිළි සහතිකයක් තමාට ලබා දිය හැකි බවයි.
COMMENTS