දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහවැව අනතුර සමග ගුණසේකර බස් ගැන විවේචන
Homeගොසිප්

මහවැව අනතුර සමග ගුණසේකර බස් ගැන විවේචන

PropellerAds

දි ගින්දිගටම සිදුවන හදිසි අනතුරු නිසා මහාමාර්ගයේ ගමන් කිරීම වැඩි ජීවිත අවදානමක් සහිත කටයුත්තක් බවට අද පත්ව තිබේ. ඊයේ මාරවිල මහවැව හංදිය ආසන...

එක්සත් ජාතික පාක්ෂිකයන්ට අනුරගෙන් ආරාධනාවක්.
'උඹ හදපු රැල්ලක් නෑ' - මහින්ද, විමල්ට උත්තර දෙයි.
වැඩි මිලට පොල් දුන්නොත් අමතන්න - 1977
දිගින්දිගටම සිදුවන හදිසි අනතුරු නිසා මහාමාර්ගයේ ගමන් කිරීම වැඩි ජීවිත අවදානමක් සහිත කටයුත්තක් බවට අද පත්ව තිබේ. ඊයේ මාරවිල මහවැව හංදිය ආසන්නයේදී සිදුවූ බස් අනතුර නිසා ජීවිත 3 ක් අහිමිවූ අතර තවමත් පිරිසක් තුවාල ලබා රෝහලේය.
මේ වන විට පොලිස් අත්අඩංගුව යටතේ බස් රථ රියදුරු  ප්‍රතිකාර ලබන අතර ඔහු පවසා ඇත්තේ
තමා ඊයේ තාවකාලිකව එම බස් රථය පැදවූ බවත් එම බසය පදවන කෙනා ඊයේ නිවාඩු නිසා තමන් සේවය කරන  ඩී එස් ගුණසේකර ආයතනය තමාව එම ගමනට යෙදවූ බවත්ය. බස් රථයේ 70 ක් පමන සිටි බවත් වේගයෙන් පදවමින් සිටියදී කන්ටේනරයක හැපෙන්නට ගිය නිසා පැත්තට කැපූ අවස්ථාවේ මේ අනතුර සිදුවූ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

බස් රථය හැපුණ වේගය නිසා වෙළෙඳ සලක් අසළ තිබුණ ට්‍රාන්ස්ෆෝමරය විදුලි කණු 4ක්ද සමග කඩා වැටී තිබූ අතර එ්වාට හිරවුණ අය හා බස් බොඩිය තැලීම් නිසා සිරුරු සිරවුණ අය තුවාල ලබා හෝ ජීවිතක්ෂයට පත්වීම වාර්තා විය. ට්‍රාන්ස්ෆෝමරය හැපුණ විගස එහි විදුලිය විසන්ධිවී පළාතටම විදුලිය ඇණ හිටින ලදි.


විදුලිය නිසා බසයේ සිටි අයට හානියක් නොවීම හෝ එමගින් ගින්නක් ඇති නොවීම වාසනාවකි.
සිද්ධියෙන් 3 දෙනෙකු මිය ගිය අතර පුද්ගලයින් 19දෙනෙකු තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය තිදෙනා 40 ,45 සහ 60 හැවිරිදි පිරිමි පුද්ගලයින් තිදෙනෙකි. 60 හැවිරිදි තැනැත්තා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ප්‍රකාශ් චන්ද්‍ර නමැති ශ්‍රී ලංකිකයෙකි.

මහබුලන්කුලමල අනුරාධපුරයේ පදිංචි 33 හැවිරිදි සුජීව කුමාර තෙන්නකෝන් නමැති රියදුරුගේ හිසට හා දෙපාවලට තුවාල සිදුව ඇත. ඔහු තවම ප්‍රතිකාර ලබන අතර බස් රථ අනතුරින් පසු කොන්දොස්තරවරයා ආගිය අතක් නැත.

අනතුරින් පසු අන්තර්ජාලය තුළ මෙම අනතුරු ගැන විවිධ කථාබස් ඇති විය. එක් අදහසකින් කියැවුනේ ශ්‍රී ලංකාව පුරාම විවිධ පැතිවල යොදවා තිබෙන ඩී එස් ගුණසේකර බස් සම්බන්ධ විවේචනයකි.
මෙම ආයතනයට

අයත් බස් අධික වේගයකින් ගමන් කිරීමට හේතුව නිසි වේලාවට බස් රථය නොගියොත් ආයතනයේ දෝෂදර්ශනයට ලක්වීම බවත් එයට දඩුවම් ලැබෙන ක්‍රමවේදයක් එම ආයතනය තුළ පවතින බවත්ය.

මේ නිසා එකම අරමුණ ටයිමින් තියාගන්න එක බවත් මේ හේතුව නිසාම කිසිම මාර්ග නීතියක් මායිම් නොකර බස් රථ ධාවනයට ඔවුන් හුරුව ඇති බවත් පැවසිණි. ප්‍රධාන කාර්යාලය පිහිටි අනුරාධපුරේ සිට කොළඹට මේ කියන  බස් සමාගමෙ කෙනෙකු නිතිපතා දඩ බේරාගැනීම සඳහා එවන බවද එම විවේචනයේදී කියා තිබේ.
 ආයතනයට දඩ වැදීම සාමාන්‍ය බවත් එම තැනැත්තා රාජකාරී වශයෙන් කරන්නේ ආයතනයේ එම කොටස ගෙවා දැමීම බවත් වාර්තා වී තිබේ.

මේ පාරේ මෙවැනි අනතුරු නිතර සිදුවන බවත් හලාවතින් පසු බස් යන්නේ 100 පැනල බවත් පාන්දරට හලාවත පාරේ පොලිසියේ කිසිවෙකු මේ ගැන සොයා නොබලන බවත් තවත් විවේචනයකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහවැව අනතුර සමග ගුණසේකර බස් ගැන විවේචන
මහවැව අනතුර සමග ගුණසේකර බස් ගැන විවේචන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9K_GyylGL7B6FmjHih7ByWnMTr1z5-nsGHNSch1kUNY-iBlU3ovVvsKN_9q3Hu9bgsagWCtx8y3pZ0MnEbsqUIxv16shVe9LN7DQ93UpGUHyk2Fzx_zD-_WBEPD-_LQSaYZV-uNPDSsI/s1600/collage1.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9K_GyylGL7B6FmjHih7ByWnMTr1z5-nsGHNSch1kUNY-iBlU3ovVvsKN_9q3Hu9bgsagWCtx8y3pZ0MnEbsqUIxv16shVe9LN7DQ93UpGUHyk2Fzx_zD-_WBEPD-_LQSaYZV-uNPDSsI/s72-c/collage1.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy