හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අතර සිදු වූ බහින් බස් වීමක් සම්බන්ධ පුවතක් අපි ඊයේ වාර්තා කළෙමු. එහි ව...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අතර සිදු වූ බහින් බස් වීමක් සම්බන්ධ පුවතක් අපි ඊයේ වාර්තා කළෙමු. එහි වැඩි විස්තර මෙසේය.
විමල් වීරවංශ සාමාන්‍යයෙන් මහින්ද රාජපක්ෂත් සමඟ තර්ක කරන්නට යන්නේ නැත. එහෙත් පෙරේදා දිනයේ දී ඔහු දැනට මහින්ද රාජපක්ෂ වටා ඇති මේ රැල්ල නිර්මාණය කළේ තමන් බව පවසා ඇත. "මමයි මේ රැල්ල හැදුවේ. 2015 ජනවාරි ඡන්දය පැරදුණාට පස්සේ කවුරුත් එළියට බහින්න ලෑස්ති වෙලා හිටියේ නෑ. මමයි තනියෙන් පෙබරවාරි මාසෙ වෙනකොට මහින්ද සුළඟ හැදුවේ. මම තියපු නුගේගොඩ රැස්වීමෙන් පස්සෙ තමයි විසිරිලා හිටිය හැමෝම බය නැතුව එළියට බැස්සේ" යනුවෙන් විමල් මහින්දට ප්‍රකාශ කර තිබේ.
එය ඇසීමෙන් මහින්ද කෝපාවිෂ්ටව ඇත. "උඹ හදපු රැල්ලක් නෑ යකෝ. මිනිස්සු හැමදාම මාත් එක්කයි හිටියේ. මිනිස්සු මටයි කැමති. උඹලා කරේ හොරකං කර කර මගේ ඇඟේ දැළි ගාපු එකයි. බලපං උඹට නඩු කීයක් තියෙනවද කියලා ? උඹ තවමත් ඔය නඩු වලින් බේරිලා ඉන්නෙත් මං ගාව ඉන්න නිසා" යනාදී වශයෙන් මහින්ද විමල්ට බැණවැදී ඇත.
එහිදී හැඟීම්බර වූ විමල් "මෙච්චර කරපු මටත් කියන්නේ ඔහොමද ? මං හදපු රැල්ලෙම එල්ලිලා ඇවිත් බැසිල් මගෙ පක්ෂෙ කෑලි කෑලි වලට කැඩුවා. මෙව්වා ඉන්දියාවෙ වුවමනාවට කෙරෙණ වැඩ. අපි නොදන්නවා නෙවෙයි" යනුවෙන් පවසද්දී අතිශයින් ම කෝපයට පත්වී ඇති මහින්ද රාජපක්ෂ විමල් වීරවංශට මෑණියන් මතක් කරමින් අසභ්‍ය වචයෙන් බැණවැදී ඇත.
මේ සිදුවීම සිදුවෙද්දී ඔවුන් අසල සිටි සමහරෙක් මෙම සම්පූර්ණ සිදුවීම පටිගත කර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ද යවා ඇත.
කෙසේවෙතත් මෙම සිදුවීමෙන් පසු කේන්තියෙන් ම ගෙදර ගිය විමල් බිරිඳ සමඟ ද රණ්ඩුවක් ඇතිකරගෙන නිවසින් ද පිටව ගොස් ඇත. ඔහු කොළඹින් පිටත තැනක රැඳී සිටින බව ආරංචිය.
COMMENTS