මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ගැනීම සඳහා පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහතා ඊයේ (12) අල්ලස් ක...
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ගැනීම සඳහා පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් මහතා ඊයේ (12) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.
අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් මත එහි පැමිණි අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් පැය 03 ක පමණ කාලයක් ප‍්‍රකාශ සටහන් කරගෙන ඔහු මුදාහැරීමට කටයුතු කළ බව අල්ලස් කොමිසම් සභා ආරංචි මාර්ග කියා සිටියේය.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් කිහිප දෙනකු කොමිසමට කැඳවා ප‍්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
COMMENTS