2018.11.22 අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට සිදුවු වද හිංසාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිට...
2018.11.22 අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට සිදුවු වද හිංසාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මඟින් බන්ධනාගාරයේ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබු විඩියෝ දර්ශන කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මෙම විඩියෝ දර්ශන කිහිපය මාධ්‍ය වෙත නිකුත් කළේය.
පසුගිය කාලය පුරාවට බන්ධනාගාරවල සිටින රැඳවියන් හට මුහුණ දීමට සිදුවුයේ වදහිංසාවලින් බව එම සංවිධානය පෙන්වා දෙයි.
මෙම රැදවියන් සියලු දෙනා සැකකරුවන් බවත් එවැනි එයට පහර දීම ඉතා සැකසහිත බව ද එම සංගමය පෙන්වා දෙයි.
2018.10.21 වන දින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් උද්ඝෝෂණයක් සිදු කර ඇති බවත් එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රැඳවියන් බැලීමට එන ඥාතීන්ව නිරුවත් කර බන්ධනාගාරයට ඇතුල් කිරීමට විරෝධය දක්වා සිටි බවත් එම සංවිධානය වැඩිදුරටත් පවසයි.
මෙම තත්ත්වයට බන්ධනාගාර අධිකාරීවරයා පූර්ණ වශයෙන් වගකිව යුතු බව ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ ලේකම්, දිනේෂ් නන්දිමාල් මහතා පවසයි.
එම අධිකාරීවරයා විසින්ම මෙම නියෝගය ලබා දී ඇති බව ද ඔවුන් චෝදනා කරයි. ඒ අනුව STF නිලධාරීන් විසින් රැඳවියන්ගේ ඥාතීන්ව නිරුවත් කර ඇති බව ද පැවසු ලේකම්වරයා මෙම උද්ඝෝෂණයට රැඳවියන් යොමු කර ඇත්තේ ද බන්ධනාගාර අධිකාරීවරයා විසින් බවට චෝදනා කරයි.
මේ අතර බන්ධනාගාරයේ ආපන ශාලාව රැඳවියන් විසින්ම කඩා බිඳ දැමීමට සැලැස්වු බවත්, එසේ සිදු කරනු ලැබුවේ බන්ධනාගාර අධිකාරීවරයා විසින් බවත් මේ වන විටත් විශාල මුදල් අක්‍රමිකතාවයක් ගැන ආපන ශාලාවට එරෙහිව ගැටළුවක් පවතින බව ද ලේකම්වරයා මෙහිදි කියා සිටියේය.
බන්ධනාගාර අධිකාරීවරයාගේ උපායක් බව තේරුම් ගත් රැඳවියන් පසුව රජයේ දේපලවලට හානි කිරීම නවතා දමා බන්ධනාගාර අධිකාරීවරයා ඉවත් කරන ලෙස උද්ඝෝණ සිදු කල බව ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, මෙම රැඳවියටන්ට පහර දීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කොට වහාම වාර්තාවක් අධිකරණ අමාත්‍යවරිය වෙත වාර්තාවක් ලබා දීමට කටයුතු යොදා ඇති බවයි.
COMMENTS