දෙමළ ජනතා පක්ෂය (ටී.එම්.කේ.) නමින් නව දේශපාලන පක්ෂයක් තමන් විසින් පිහිටුවන ලද්දේ දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීම් ඇති කිරීමට නොවන බවත්, ටී.එන...
දෙමළ ජනතා පක්ෂය (ටී.එම්.කේ.) නමින් නව දේශපාලන පක්ෂයක් තමන් විසින් පිහිටුවන ලද්දේ දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීම් ඇති කිරීමට නොවන බවත්, ටී.එන්.ඒ. උගුල්වලට හසු නොවී තම පක්ෂයට එකතු වන්නට බවත් දෙමළ ජනතා පක්ෂයේ නායක, උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටයේ, ටී.එම්.කේ. පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම යාපනය - නල්ලූර් මාර්ගයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙම මධ්‍යම කාරක සභාවේදී දෙමළ ජනතා පක්ෂයේ මධ්‍යම කාරක සභාව සංශෝධනයට ලක් කරමින් විසිදෙනෙකුගෙන් සමන්විත නව මධ්‍යම කාරක සභාවක්ද පිහිටුවා ගෙන තිබිණි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
‘‘දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් ප්‍රතිපත්ති නිසා ඔවුන් සමග එකට එක්ව දේශපාලනයේ නිරත වීමට නොහැකි වූ වාතාවරණයක් ගොඩ නැගීම නිසයි එම පක්ෂයෙන් ඉවත් වෙන්න තීරණයක් ගත්තේ. තම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ගෙන යාමට සූදානම් දෙමළ ජාතික සන්ධානය ඉතාමත්ම යටි කූට්ටු වැඩපිළිවෙළක් දියත් කරමින් මාව එම පක්ෂයෙන් ඈත් කිරීමට කටයුතු කළා. ඒ වගේම කුමන හේතුවක මතවත් මම මීළඟට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයට තරග කිරීමට ගෙන ඇති තීරණය වෙනස් කරන්නේ නැහැ. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රජාතන්ත්‍රවාදීභාවය මේ දිනවල දැකගන්න පුළුවන් ඕනෑම අයෙකුට. ඔවුන්ගේ උගුලේ හසු නොවී ටී.එම්.කේ. පක්ෂය සමග එකතු වීමට මෙය හොඳ අවස්ථාවක්. මේ පක්ෂය යළි කිසිමවිටක දෙමළ ජාතික සන්ධානය සමග ගනුදෙනුවක් කරන්නේ නැහැ. දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගොස් සිටින සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය සමගත් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ සමගත් ඕනෑම වේලාවක කටයුතු කිරීමට ගනුදෙනු කිරීමට සූදානම්."
COMMENTS