දැන් මෙහෙම හැඩි වෙලා තිබුනට කාලෙකට ඉස්සර මේ කුටිය ලියා දී තිබුණා මිහිරි ගී ගැයු කොවුලෙකුට. ඉරුණු දම් පැහැ වළාකුළු හැම තැනම කැඩුණු...
දැන් මෙහෙම හැඩි වෙලා තිබුනට
කාලෙකට ඉස්සර මේ කුටිය
ලියා දී තිබුණා
මිහිරි ගී ගැයු කොවුලෙකුට.
ඉරුණු දම් පැහැ වළාකුළු හැම තැනම
කැඩුණු දේදුණු මත මකුළු දැල් බැදී ඇත
සැනින් ඇවිස්සෙන දූවිල්ලකි මතකය
ඇත්තටම සුදුසු නෑ
සමනළයෙකුගේ ස්ථීර පදිංචියට.
දූවිළි පිසදමා පිළිසකර කරගනු බැරිව
මම දොර ඇරියේම නැත්තම්
එපා හද මත වසා අයදින්න
ඉතිං වෙනතකට පියඹන්න.
කැමති නෑ මම
ඔය සියුම් දේදුණු පියාපත්වල
දූවිලි මකුළු දැල් බැදෙනවට !!
COMMENTS