බම්බලපිටිය සුපිරි සිනමා ශාලාවක් තාවකාලිකව වසා දැමීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ. සිනමා ශාලාවේ ආසන කිහිපයක මකුණන් නිසා ඇති වී ඇති ගැටළ...
බම්බලපිටිය සුපිරි සිනමා ශාලාවක් තාවකාලිකව වසා දැමීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.
සිනමා ශාලාවේ ආසන කිහිපයක මකුණන් නිසා ඇති වී ඇති ගැටළුකාරී තත්තවයක් හේතුවෙන් මෙසේ සිනමා ශාලාව වසා දමා ඇති බව වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පළිබෝධ පාලක නිලධාරියකු හා එම ස්ථානයට ගොස් කළ පරීක්ෂාවකින් පසු සිනමා ශාලාව තාවකාලිකව වසා දැමීමට සිනමා ශාලාවේ පාලනාධිකාරියට දැනුම් දී තිබේ.
මකුණන් ඉවත් කර යළි සිනමා ශාලාව විවෘත කිරීමට නම් අවම වශයෙන් දින පහක්වත් ගතවනු ඇතැයි වෛද්‍යවරයා සඳහන් කර ඇති අතර සිනමාශාලාව විවෘත කිරීමට පෙර නැවත ඔවුන්ට දැනුම් දිය යුතු බවද සිනමාශාලා පාලනාධිකාරියට දැනුම් දී තිබේ.
COMMENTS