ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ...
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව කමිටුවක් ලබන සදුදා පත් කරන බව ජනාධිපතිවරයා පවසයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් මෙම කමිටුවට බාරදීමට ඒ අනුව සියලූ පාර්ශ්වයන්ට අවස්ථාව හිමි වෙයි.
සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විතව මෙම කමිටුව පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන අතර සති දෙකක කාලයක් තුළ දී කමිටුව විසින් අදාළ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
එම නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ ගතයුතු ඉදිරී තීන්දු තීරණවලට එළැඹෙන බව ද ජනාධිපතිවරන කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වත්මන් තත්ත්වය පිළිබඳ ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය විධිමත් ප්‍රතිසංවිධානයකට ලක් කිරීම ස`දහා අවශ්‍ය වැඩපිළිවෙළ කඩිනමින් කි්‍රයාවට නැංවීමට ද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩු අවම කර ගනිමින් ඉදිරියේ දී එය ලාභදායී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙහිදී පෙන්වා දුන් අතර, ආයතනය පසුගිය වසර ගණනාවක් දිගින් දිගටම පාඩු ලැබීමට හේතු වූ කරුණු හා දැනට මුහුණ දී තිඛෙන අභියෝග පිළිබඳවත්, එහි වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් විය.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතිකරගෙන තිඛෙන අවාසිදායක ගිවිසුම් පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඛනිජ තෙල් මිල ඉහළ යාම, රුපියල හා කලාපෙයේ මුදල් අවප්‍රමාණයට ලක්වීම, තාක්ෂණික හා යටිතල පහසුකම් ඌනතාව වැනි කරුණු හේතුවෙන් ඇතිවූ බලපෑම් පිළිබ`දව ද අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබ`ද සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් පත් කළ ජනාධිපති කොමිසමේ කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතී.
අමාත්‍ය මංගල සමරවීර, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ද රාජ්‍ය බැංකු සභාපතිවරුන් ඇතුළු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ආයතනවල ප්‍රධානින් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
COMMENTS