එළඹෙන අපේ‍්‍රල් මාසයට පෙර උතුරු පළාතේ සියලූම රාජ්‍ය ආයතනවල නාම පුවරු, දැන්වීම් පුවරු සිංහල හා දමිළ භාෂා දෙකෙන්ම තිබිය යුතු බව පවසමින් ඊයේ ...
එළඹෙන අපේ‍්‍රල් මාසයට පෙර උතුරු පළාතේ සියලූම රාජ්‍ය ආයතනවල නාම පුවරු, දැන්වීම් පුවරු සිංහල හා දමිළ භාෂා දෙකෙන්ම තිබිය යුතු බව පවසමින් ඊයේ (09) උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
එහිදී සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ප‍්‍රදේශයේ දේශපාලන නායකයින් සහ රාජ්‍ය ආයතන වල ප‍්‍රධානීන්ගේ ආශිර්වාද ලබා ගනිමින් ආණ්ඩුකාරතුමන් තම ධූරයේ වැඩ කටයුතු ආරම්භ කළේය.
උතුරු පළාත් ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතා විසින් නව ආණ්ඩුකාරතුමන්ව උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පිළිබඳව උතුරු පළාත් සභා හිටපු සභාපතික්‍ගඪගණගසිවඥානම් මහතා ප‍්‍රකාශ කළේ දමිළ ජාතිකයෙකු ආණ්ඩුකාරවරයා වශයෙන් පැමිණීම සම්බන්ධයෙන් තමා ඇතුළු සියලූ දෙනාම සතුටට පත්වන බවත් ඉදිරියේදී සිදු කරන වැඩ කටයුතු වලදී සියලූ
දෙනා එකතුවී කටයුතු සිදු කළ යුතු බවත් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවත්ය.
එහිදී අදහස් දැක්වූ යාපනය නගරාධිපති ඊ. ආනෝල්ඞ් මහතා,
අපේ කෙනෙක් යාපනයට පැමිණීම පිළිබඳව තමන් සතුටට පත්වන අතර යාපනයේ ඇති අඩුපාඩු, ප‍්‍රශ්ණ හා ගැටළු විසඳීමට ආණ්ඩුකාරතුමන්ගේ සහයෝගය ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළ අතර ඉදිරියේදී සිදු කරන සියලූම වැඩ කටයුතු සඳහා උපරිම සහායය ලබාදෙන බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
තවද අදහස් දැක්වූ පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක එස්. තවරාසා මහතා,
පසුගිය කාල සීමාව තුල ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පළාත පාලනය කළත් දේශපාලන නායකයන් විසින් ඔවුන්හට ජනතාවට සේවය කිරීමට අවස්ථාව ලබා නොදුන් අතර එම ආණ්ඩුකාරවරුන්ගෙන්ද ප‍්‍රයෝජනයක් ලබා ගැනීමක් ද සිදු නොවුන බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා,
නීතිය නැති තැන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැත. සිංහල දමිළ අපි සියලූ දෙනා එකතුවී වැඩ කල යුතුයි. එළඹෙන අපේ‍්‍රල් මාසයට පෙර උතුරු පළාතේ සියලූම රාජ්‍ය ආයතනවල නාම පුවරු, දැන්වීම් පුවරු සිංහල හා දමිළ භාෂා දෙකෙන්ම තිබිය යුතුය. දකුණින් උතුරට පැමිණෙන ජනතාව වෙනුවෙන් සහ උතුරේ ජීවත්වන දමිළ ජනතාව වෙනුවෙන් මෙම භාෂා දෙකෙන්ම දැන්වීම් පුවරු හා නාම පුවරු ප‍්‍රදර්ශනය කිරීම ඉතා වැදගත්.කේන්ද්‍රය ශක්තිමත් කර පරිධියේ සිටින ජනතාව ගැන සොයා නොබැලීම අහිංසක ජනතාවගේ අයිතිය උදුරා ගැනීමක් බව පැවසූ ආණ්ඩුකාරතුමා ඉදිරියේදී උතුරු පළාතේ සංවර්ධන කටයුතු සිදු කිරීමට සහයෝගය ලබාදෙන ලෙසද ප‍්‍රකාශ කළේය.
COMMENTS