තමන් සමග ඇති පුද්ගලික වෛරය නිසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන තමනට ඇමතිකමක් නොදී සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. ...
තමන් සමග ඇති පුද්ගලික වෛරය නිසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන තමනට ඇමතිකමක් නොදී සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
ව්‍යවස්ථාව අනුව ඇමති ධුර නම් කිරීම අගමැතිවරයා විසින් කල පසු ජනාධිපතිවරයා විසින් ඔවුනට ඇමති ධුර ලබා දිය යුතු යයිද ඒ මහතා කියා සිටී.
ඇමති ධුර තවත් වැඩි කර ගැනීම සදහා වන යෝජනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එය සම්ත කර ගැනීමෙන් පසු තවත් ඇමතිවරුන් පිරිසක් පත් කරන බවත් ඔහු පැවසීය.
එසේ පත්කල යුතු ඇමතිවරුන් සදහා තමන්ගේ නමද ජනාධිපතිවරයා වෙත යෝජනා කර යවන බවත් එවරද පත් නොකලහොත් ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවද ෆොන්සේකා මහතා තව දුරටත් පැවසීය.
COMMENTS