මහබැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සහ පරීක්ෂණ සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකයින් නම් කර තිබේ...
මහබැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සහ පරීක්ෂණ සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකයින් නම් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊට අදාළ පත් කිරීම් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි සහ ප්‍රසන්න සුජීව ජයවර්ධන යන මහත්වරුන් සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ මහතා එම කොමිසමේ සාමාජිකයින් ලෙස නම් කර තිබේ.
අදාළ කොමිසම පත් කරන බව ජනාධිපතිවරයා පසුගිය 23 දා ප්‍රකාශ කළ අතර කොමිසන් සභාවේ නිර්දේශ සහිත වාර්තාව මාස 03ක් ඇතුළත සම්පූර්ණ කර බාරදිය යුතු වේ.
COMMENTS