තමා කළ ගුණ දන්නා කෙනෙකු බවත් ඒ නිසාවෙන් මහින්ද රාජපක්ෂ මහතාට කළ ගුණ සැලකිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති, හිටපු පාර්ල...
තමා කළ ගුණ දන්නා කෙනෙකු බවත් ඒ නිසාවෙන් මහින්ද රාජපක්ෂ මහතාට කළ ගුණ සැලකිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූයේ මේවන විට නුගේගොඩ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළියට එක්වෙමිනි.
එමෙන්ම රට බේරා ගත් නායකයා වශයෙන් මහින්ද රාපක්ෂ මහතාට කළ ගුණ සලකන ලෙස සියලු දෙනාගෙන්ම තමන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඔහු දෙමළ භාෂාවෙන් රැළිය ඇමතීය. ඔහු සිංහලින් කීවේ ඊයේ දිනයේදි මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදි රැළියේදි දෙමළින් කතා කරන ලෙසට තමන්ට උපදෙස් දුන් බවයි.
"මම කළගුණ දන්න කෙනෙක්. මහින්ද රාපක්ෂ මහතා රට බේරාගත් නායකයා. මම ඔබතුමාලට කියනවා ඔබතුමාලත් කළ ගුණ සළකන්න. මාතෘ භූමියට ජය වේවා!" යැයිද කරුණා අම්මාන් පැවසී ය.
COMMENTS