හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මේවන විට නුගේගොඩදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ “පෙරළියක ඇරඹුම“ රැළියේ වේදිකාවට පැමිණි...
හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මේවන විට නුගේගොඩදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ “පෙරළියක ඇරඹුම“ රැළියේ වේදිකාවට පැමිණියේය.
ඒකාබද්ධ විපක්‌ෂයේ මෙම ජනරැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම ජන හමුවට ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන සියලු පක්‌ෂ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිතය.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැතිව කාරය පමණක් නුගේගොඩ රැලියට පැමිණි බවත් එසේ කළේ ආරක්ෂක තත්ත්වය සොයා බැලීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නුගේගොඩ රැලිය අමතමින් සඳහන් කළේය.
‘වාහනේ ඩමියක් එවලා බැලුවා ආරක්ෂාව කොහොමද කියලා.‘ යැයි ප්‍රනාන්දු මහතා එහිදී කියා සිටියේය.
COMMENTS