ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේදි වැලි ජාවාරම්කරුවන් පිරිසක් ඊයේ (29) අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මහවැලි ගඟට පැන අතුරුදන්වූ අනෙක් පුද...
ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේදි වැලි ජාවාරම්කරුවන් පිරිසක් ඊයේ (29) අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මහවැලි ගඟට පැන අතුරුදන්වූ අනෙක් පුද්ගලයා සොයා නාවික හමුදාව පොලිසිය සමඟ එක්ව තවදුරටත් මෙහෙයුම් ආරම්භ කර තිබේ.
ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ ආරක්ෂාව මේ වනවිට තර කර ඇති බව වාර්තා වෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මහවැලි ගඟට පැන අතුරුදන්වූ එක් තරුණයෙකුගේ සිරුරක් ඊයේ (29) පස්වරුවේ සොයාගත් බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ කින්නියා ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි තරැණයෙකි.
ත්‍රිකුණාමලය කින්නියා කන්දල්කාඩු ප්‍රදේශයේ මහවැලි ගංමෝය ආසන්නයේ අනවසරයෙන් වැලි ගොඩ දමන පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම පුද්ගලයින් දෙදෙනා පලා යාමට උත්සහ දැරීමේදී දියේ ගිලී අතුරුදන් වීමත් සමග අවට සිටි පිරිස් හා වැටලීම සඳහා පැමිණි නාවික හමුදා නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්හ.
නාවික හමුදාව සඳහන් කළේ එම තත්ත්වය පාලනය කිරීම සඳහා අහසට වෙඩි ප්‍රහාර ද එල්ල කළ බවය.
පසුව කින්නියා පොලිසියේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට පැමිණ සිද්ධිය පාලනය කිරීමට පියවර ගෙන තිබෙන අතර වැලි ජාවාරම්කරුවන්ගේ ප්‍රහාර වලින් නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙකුට තුවාල සිදුවී ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේය.
COMMENTS