දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තුන්වන මාත‍්‍රාව ගැහුවාම ඔමික්‍රෝන් පැමිණියත් බිය විය යුතු නෑ…
Homeප්‍රවෘත්ති

තුන්වන මාත‍්‍රාව ගැහුවාම ඔමික්‍රෝන් පැමිණියත් බිය විය යුතු නෑ…

PropellerAds

ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාම පිළිබඳ නිසි අවබෝධයක් ශ්‍රී ලංකාව සතු අතර, යම් හෙයකින් වෛරසය රට තුළට ඇතුළු වුවහොත් ජාන විශ්ලේෂණයකින් එය හඳුනා...

මෛත්‍රී බුලත් කොළයට පණ දෙන්න හදයි - සූම් එකෙන් රැස්වීමකුත් කැඳවලා!
අනුරාධපුර බන්ධනාගාරයේ CCTV මකන්න උත්සාහයක්!
තවත් ජනප්‍රිය සභාපති කෙනෙක් ඉල්ලා අස්වෙයි!
ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාම පිළිබඳ නිසි අවබෝධයක් ශ්‍රී ලංකාව සතු අතර, යම් හෙයකින් වෛරසය රට තුළට ඇතුළු වුවහොත් ජාන විශ්ලේෂණයකින් එය හඳුනාගැනීමට, පරීක්ෂණාගාර පහසුකම් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

“ඔමික්‍රෝන් වෛරසය පිටු දැකීමට රට සූදානම්” ද මැයෙන් අද (02) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී මෙම අදහස් පළ කෙරිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එච්.එස්. මුණසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත හේරත් යන මහත්වරු ද සහභාගී වූ මාධ්‍ය හමුව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් මෙහයවීය.

මෙතෙක් පැවති කොරෝනා වෛරස ප්‍රභේද 04ට වඩා ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත්විය හැකි අතර, කොවිඩි වෛරසය ආසාධනය වී සුවය ලැබූ පුද්ගලයන්ට වුවද එය ආසාධනය විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පෙන්වා දුන්නාය.

ඉදිරි සති දෙක තුන තුළ ඔමික්‍රොන් ප්‍රභේදයේ හැසිරීම පිළිබඳ පැහැදිලි අදහසක් ලබාගැනීමට හැකිවනු ඇති බව පෙන්වා දුන් නීලිකා මලවිගේ මහත්මිය, ප්‍රතිශක්තිකරණය ඉහළ නම් විකෘති ප්‍රභේදවලට බිය විය යුතු නැති බව ද සඳහන් කළාය. ලෝකයේ රටවල් 24කින් මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය හමු වී ඇති බවත් ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය අංශ විශේෂ අවධානයෙන් පසුවන බවත් සඳහන් කෙරිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැවැන්ත කැපවීම සහ මැදිහත් වීම හේතුවෙන් කොවිඩ් පාලනයෙන් ලෝකයේ ඉහළ තැනකට රට පත්ව ඇති බවත් නව ප්‍රභේදය පාලනයට ජනතා සහාය අත්‍යාවශ්‍ය වන අතර නිසි සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් ඊට සහාය දැක්වීම සියලුදෙනාගේ වගකීම බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එච්.එස්. මුණසිංහ මහතා පැවසීය.

මෙතෙක් එන්නත් ලබා නොගත් පිරිස් වහාම එන්නත්කරණයට යොමුවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණු අතර, බූස්ටර් එන්නතකින් ප්‍රතිශක්තිය ඉහළ යන හෙයින් ඔමික්‍රෝන් පැමිණියත් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැති බව පැවසූ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බව අවධාරණය කළේ‍ය.

රෝගයට බියවීමට වඩා සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින්, ප්‍රතිශක්තිකරණය පවත්වාගැනීමේ වැදගත්කම ද ඒ මහතා පෙන්වා දුන්නේය.

දැනට රජය මගින් සිදුකරගෙන යන කොවිඩ් මර්දන කටයුතු සාර්ථක අතර උත්සව සමයේ සංචරණ සීමා කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා පැවසීය.

– ජනාධිපති මාධ්‍ය අංශය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තුන්වන මාත‍්‍රාව ගැහුවාම ඔමික්‍රෝන් පැමිණියත් බිය විය යුතු නෑ…
තුන්වන මාත‍්‍රාව ගැහුවාම ඔමික්‍රෝන් පැමිණියත් බිය විය යුතු නෑ…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGX-TmZwD4nTJUfyv4tm2JMHP9UQnaRq7S5JN6s_bUSJKvLqj04D4jBJ5042Wpe9lwT414g0z5kblaKu_ZC2jL8MDtMKL1x55xoQLdbclhUfRkHKlI3_9QEHhMNRyn4UF2EQafSOKvUJ48/s320/chandima589.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGX-TmZwD4nTJUfyv4tm2JMHP9UQnaRq7S5JN6s_bUSJKvLqj04D4jBJ5042Wpe9lwT414g0z5kblaKu_ZC2jL8MDtMKL1x55xoQLdbclhUfRkHKlI3_9QEHhMNRyn4UF2EQafSOKvUJ48/s72-c/chandima589.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_62.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_62.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy