දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දෙදෙනෙකු මරු දකිමින් වත්තලදි සිදුවූයේ දමිළ පාතාල ගැටුමක්
Homeගොසිප්

දෙදෙනෙකු මරු දකිමින් වත්තලදි සිදුවූයේ දමිළ පාතාල ගැටුමක්

PropellerAds

ව ත්තල, හේකිත්ත, ප්‍රදේශයේ පිහිටි අයියාන් සබ්රිමලේ කෝවිල ආසන්නයේදී ඊයේ (13) සවස මෝටර් රථයකින් යමින් සිටි දෙදෙනෙකුට නොහදුනන දෙදෙනකු විසින් එ...

මං OL ෆේල් - බන්දු සමරසිංහ කැලණි සරසවියෙදි කළ සීරියස් කතාව
මීතොටමුල්ලේ අවතැන් වූවන්ට රු. 50,000 බැගින් මාස 3කට ගෙවන දීමනාව එකවර ගෙවන්නැයි ජනපතිගෙන් උපදෙස්
SLFP නව ආසන සංවිධායකවරු පත්වේ
ත්තල, හේකිත්ත, ප්‍රදේශයේ පිහිටි අයියාන් සබ්රිමලේ කෝවිල ආසන්නයේදී ඊයේ (13) සවස මෝටර් රථයකින් යමින් සිටි දෙදෙනෙකුට නොහදුනන දෙදෙනකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් එම මෝටර් රථයේ ගමන් ගත් පාතාලයට සම්බන්ධකම ඇතැයි කියන පුද්ගලයකු සහ ඔහුගේ ගෝලයෙකු
මැරුම් කා තිබෙන බව වත්තල පොලීසිය කියයි.ටී පණස් හය ගිනි අවියකින් මෙම වෙඩි තැබීම කර ඇති බව සොයාගෙන තිබේ.
වෙඩි ප්‍රහාරයට ලක්වූ මෝටර් රථයේ පිටුපස අසුනේ ගමන් කළ කාන්තාවකගේ සහ ඇයගේ අවුරුඳු 8ක් සහ අවුරුදු එක හමාරක් පමණ වයසැති දියණියන් දෙදෙනාගේත් දිවි බේරි ඇත.
මෙසේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇත්තේ වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 31 හැවිරිදි ස්ටීවන් රාමනාදන් රාජ් සහ 37 හැවිරිදි මදී නමින් හැදින්වෙන ලද දෙදෙනෙකි.

වෙඩි කා මියගිය රාජේන්ද්‍රන් නමැත්තා සෙසු අය සමග

කොළඹ ප්‍රදේශයේ පිහිටි කෝවිලකට ගොස් ආපසු ඔවුන් පදිංචිව සිටින නිවස කරා පැමිණෙමින් සිටි  අවස්ථාවේ මෙසේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත.
මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් ඊයේ සවස 3.30ට පමණ රාජේන්ද්‍රන් ගමන් කළ මොටර් රථයට ඉදිරියට ධාවනය කිරීමට නොහැකි වන ලෙස

 මාර්ගය හරස් කර නවතාවාගෙන ඇතැයි ද ඉන්පසු එම මෝටර් රථයෙන් බැස ආ දෙදෙනෙකු මෝටර් රථයේ ඉදිරිපස අසුනේ සිටි දෙදෙනාට දිගට හරහට වෙඩි තබා ඔවුන් පැමිණි මෝටර් රථයේම නැගී පලාගොස් ඇතැයිද පරීක්ෂණ වලදී අනාවරණය විය.මෝටර් රථයේ සිට දිවි බේරාගත් කාන්තාව මෙම තොරතුරු හෙළි කළාය.
මෝටර් රථය පදවා ඇතැයි කියන්නේ මදී නමැත්තාය.

පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන 'පුකුඩු කන්නා' නමැත්තාගේ ගෝලයන් පිරිසක් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද එම තොරතුරු සනාථ කරගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
පූකුඩු කන්නා නමැත්තා පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට සොයන නිසා මීට වසර කිහිපයකට ඉහතදී ඉන්දියාවට පලාගොස් සැගව සිටින බවට ද පොලීසියට තොරතුරු ලැබී ඇතැයි කියති.
මොහු ඉන්දියාවේ සිට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන බවට ද පොලීසියට තොරතුරු ලැබී ඇත.
වෙඩි තැබීම අවට සවි කර ඇති සී.සී.ටී.වී. කැමරාවල සටහන්වී ඇතිදැයි යන්න සොයාබැලීමට ඒවා පරීක්ෂා කරගෙන යන බව ද පොලිසිය කියයි.
වෙඩි කා මියගිය රාජේන්ද්‍රන් නැමැත්තා කුඩු සෙල්වි නැමැත්තියගේ එක් පුතකුගේ බිරිඳගේ සහෝදරයකු යැයි පොලිසිය පවසයි.

කුඩු සෙල්වි නැමැත්තිය 2015 වසරේදී ප්‍රතිවාදී පාතාල කල්ලියක වෙඩි ප්‍රහාරයකින් මැරුම් කෑ අතර පූකුඩු කන්නාගේ පියාද වෙඩි ප්‍රහාරයකින් පසුගිය වසරේ මැරුම් කා ඇතැයි පොලීසිය කියයි.
පොලීසිය පවසන අන්දමට කුඩු සෙල්විගේ පාර්ශ්වය සහ කුඩු කන්නාගේ පාර්ශ්වය අතර පවතින මතභේදය තිසා පසුගිය කාලයේ දෙපාර්ශ්වයේම පස් දෙනෙකු පමණ වරින් වර මැරුම් කා ඇත.
රාජේන්ද්‍රන් සහ පූකුඩු කන්නා අතර පවතින මතභේදය ම

ත ඔහුව සහ ඔහුගේ ගෝලයා ද මෙසේ මරා දමන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
වෙඩි ප්‍රහාරයෙන් රාජේන්ද්‍රන් සහ ඔහුගේ ගෝලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔවුන් දෙදෙනාගේ සිරුර පුරා වෙඩි වැදුණු තුවාල රැසක් දක්නට ලැබෙන අතර මෝටර් රථය පුරාද වෙඩි. සලකුණු දක්නට ඇතැයි පොලිසිය පවසයි. ටී. 56 වෙඩි උණ්ඩ රැසක් ද අපරාධය වූ ස්ථානයේ

වැටී තිබී පොලිසිය සොයාගෙන ඇත.
වෙඩි ප්‍රහාරයෙන් දිවි බේරාගත් කාන්තාවගේ සැමියා මේ වන විටත් රිමාන්ඩ් භාරයේ පසුවන්නේ යැයි පොලිසිය පවසයි. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ බස්නාහිර උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති

දේශබන්දු තෙක්නකෝන් මහතාගේ විශේෂ උපදෙස් මව කැලණිය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ වත්තල වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන
පොලිස් පරික මීඇල්ලගේ මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්‍ෂණ පවත්වාගෙන යයි. බස්නාහිර උතුරු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් ද, පොලිස් බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම් දෙකක් ද මෙම පරීක්‍ෂණවලට හවුල් වී සිටී.

තොරතුරු - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ඉන්දිකා රාමනායක
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දෙදෙනෙකු මරු දකිමින් වත්තලදි සිදුවූයේ දමිළ පාතාල ගැටුමක්
දෙදෙනෙකු මරු දකිමින් වත්තලදි සිදුවූයේ දමිළ පාතාල ගැටුමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVoGyxDE2bYt0L7Lg6b3Rwp1BJpg0LVtsA5_vZECeE0Ga6qEEGa-yyPrhWJKLXcQRVrkbmjL6vmrysD50zhavscurGNNjYQ_Jt3Yt0-PxUkqaCNHDM1z7ldWZXhyphenhyphen_DRWb04brJtiZChU8/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgVoGyxDE2bYt0L7Lg6b3Rwp1BJpg0LVtsA5_vZECeE0Ga6qEEGa-yyPrhWJKLXcQRVrkbmjL6vmrysD50zhavscurGNNjYQ_Jt3Yt0-PxUkqaCNHDM1z7ldWZXhyphenhyphen_DRWb04brJtiZChU8/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_332.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_332.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy