දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘සිංහරාජ වනය JCB යොදා ගනිමින් විනාශ කරනවා’
Homeප්‍රවෘත්ති

‘සිංහරාජ වනය JCB යොදා ගනිමින් විනාශ කරනවා’

PropellerAds

යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂියේ කලවාන, කුඩව පිවිසුමේ සිට සංචාරය සඳහා පැමිණෙන සංචාරකයින් ගමන් කරනුයේ වන බි...

නැති ව්‍යවස්ථාවක් ගැන බිල්ලන් මවාපාන්න එපා - ජනාධිපති
දෙබිඩ්ඩන්ට අසු වීම - චාමර ලක්ෂාන් කුමාර
පුංචි ඡන්දයට පාතාලෙන් අපේක්ෂකයන්.
‘සිංහරාජ වනය JCB යොදා ගනිමින් විනාශ කරනවා’

යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂියේ කලවාන, කුඩව පිවිසුමේ සිට සංචාරය සඳහා පැමිණෙන සංචාරකයින් ගමන් කරනුයේ වන බිම හරහා වැටී ඇති අඩි පාරෙනි. මෙම ගමන් මාර්ගයේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන ස්ථානයක් ඇති අතර එම ස්ථානයෙන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කර ගමන් කල යුතුව ඇත. 

දින කීපයක සිට මේ වන විටත් මෙම අඩි පාරේ දොරන ඇල්ල පිහිටි ස්ථානයේ  සිට ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන ස්ථානය දක්වා ඇති අඩි පාර  පාගමනින් ගමන් ගන්නා සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් යැයි පවසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජේ සී.බී යන්ත්‍ර යොදා වාහන ගමන් කිරීමට හැකිවන අයුරින් ඉන්ටර්ලොක් ගල් යොදා මාර්ගය සැකසීම සඳහා පුළුල් කරමින් පවතී. එය සිංහරාජ රක්ෂිතයට කරන්නා වූ දැඩි හානියක ආරම්භයකි. මෙම අඩිපාරට අමතරව ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන ස්ථානයට වාහන ගමන් කිරීමට මාටින් ලොජ් වෙත වැටුනු පිටකැලේ මාර්ගය ඇති අතර එසේ තිබියදී වාහන ගමන් කිරීමට අවශ්‍ය පරිධි මෙම මාර්ගය පූළුල් කිරීම විශාල ගැටළුවක්ව පවතී.

මෙම යෝජිත කිලෝ මීටර 1.2 පමන වන මාර්ගය පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසන කල පවසන්නේ පාගමනින් ගමන් ගන්නා සංචාරකයන් හට පහසුව සැලසීම සඳහා මෙම මාර්ගය ඉදි කරන බවත් කිසිසේත් සංචාරකයන්ගේ වාහන මෙම මාර්ගයේ ගමන් කිරීමට ඉඩ නොදෙන බවත්ය. එසේ නම් පාගමනින් ගමන් ගන්නා සංචාරකයන් හට මෙවැනි විශාල මාර්ගයකින් ඇති වන පහසුව කුමක්ද? ඇත්ත වශයෙන්ම මෙම මාර්ගය තනන්නේ පාගමනින් ගමන් ගන්නා සංචාරකයන්ගේ පහසුව සඳහාද යන වග එම කාරනා මගින් ඇති වන මූලික ගැටලුවයි.

වන රක්ෂිතය අභ්‍යන්තරයේ දැකිය නොහැකි කුරුළු විශේෂ නැරඹීමට මෙම අඩිපාර සංචාරකයන් සඳහා ප්‍රචලිත ස්ථානයකි. එමෙන්ම සර්ප විශේෂ, කෘමි විශේෂ, කටුසු විශේෂ, ගොළුබෙලි විශේෂ බහුලව දැක ගැනීමට හැකියාව ඇති අතර නෙලූ, මීවන ඇතුළු ශාක විශේෂ ගණනාවක් මෙම අඩි පාර දෙපසින් දැක ගැනීමට හැකියාව ලැබේ. මේ අසලින් කුඩා දිය ඇලි කීපයක්ම ගලා බසී. මෙම අඩි පාර ජේ සී.බී යන්ත්‍ර යොදා ගනිමින් පළල් කිරීම දිය ඇලි, ශාක , සතුන් සහ සංචාරකයන්ට කරන්නා වූ විශාල හානියකි. එමෙන්ම මෙම මාර්ගය ඉදි කොට වාහන ගමනා ගමනය කිරීම ආරම්භ උවහොත් වාහන මගින් පිටවන දුම් නිසාවෙන් වාතය දූෂණය වී සිතා ගත නොහැකි විනාශ කාරී තත්වයකට සිංහාරාජ වන බිම පත් විය හැක. සංචාරකයන්ට පහසුවක් කෙසේ වෙතත් මෙම අඩි පාර දෙපස ඇති අලංකාරවත් ජෛව විවිධත්වය නැරඹීමට ඇති අවස්ථාව අහිමි කිරීමක් ලෙස මෙම ක්‍රියාවලිය දැකිය හැකිය. එමෙන්ම පසු ගිය කාලයේ මෙම අඩි පාරේ එක් ස්ථානයක් නාය යැමට ලක් වූ අතර එම ස්ථානය ජේ සී.බී යන්ත්‍ර යොදා පස් කැපීම තවත් විශාල නාය යෑමකට අත වැනීමකි. සංචාරකයන්ගේ පහසුව සඳහා අවශ්‍යම වන්නේයැයි සිතෙනවානම් යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් තොරව මිනිස් ශ්‍රමය පමණක් භාවිත කරමින් ඉන්ටර්ලොක් ගල් භාවිත නොකට ස්භාවික ගල් යොදා ගනිමින් අඩි හතරක පමණ පුළුල් මාර්ගයක් සැකසීම ප්‍රමාණවත්ය.

පසු ගිය කලායේ සිංහරාජ රක්ෂිතය තුළ මාර්ග ඉදිකරමින් ජීප් රථ සේවාවක් ආරම්භ කිරීමට උත්සහ ගත් අතර පරිසරවේදීන්ගේ දැඩි බලපෑම් මත එය නතර විය. නැවත මෙලෙස අනවශ්‍ය අයුරින් මාර්ග සකස් කරනුයේ එම ජිප් රථ සේවාව හොර රහසේ නැවත ආරම්භ කිරීමට දැයි සැකයක්ද පවතී. සංචාරකයන්ගේ පහසුව සඳහා  හදිසි අවස්ථාවක වාහන ගමන් කිරීම සඳහා දැනටමත් පවතින මාර්ගයක් වන පිට කැලේ මාර්ගය ප්‍රමාණවත් වන අතර එම මාර්ගය තවත් පිළිසකර කර භාවිත නොකර ජේ සී.බී යන්ත්‍ර යොදාගෙන වන බිමට විශාල හානියක් සිදු කරමින් කරන්නා වූ මෙම ක්‍රියාවලිය අදූරදර්ෂී ක්‍රියාවකි. මෙම මාර්ගය ඉදිකිරීම මෙම ව්‍යාපෘති පද්ධතියේ ප්‍රථම අදියර වන අතර තවත් බොහෝ ඉදිකිරීම් වනාන්තරය තුළ ඉදි කිරීමට නියමිතව ඇති බව අපට සැල වී ඇති අතර ඔවුන් මෙම මාර්ගයද ඉදි කරන්නේ එම ඉදි කිරීම් සඳහා භාන්ඩ ප්‍රවාහනයට බව සැලවී ඇත. සිංහරාජ වන බිමට පැමිණෙන දේශිය විදේශිය සංචාරකයන් හට ආහාර ගැනීමට ස්ථානයක් සහ වැසිකිලි පහසුකම් නොමැති අතර සංචාරකයන්ගේ පහසුව තකා එවැනි අඩුපාඩු ඉදිකර දීම වෙනුවට රක්ෂිත භුමිය වීනාශ කිරීම ලෝක උරුම වනාන්තරයකට කිසිසේත් උචිත ක්‍රියවක් නොවන අතර වනාන්තර රැකීමට සිටිනා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ විනාශ කාරී ක්‍රියාවලීන් සිදු කරන්නේ ඇයි දැයි සොයා බලා මේ පිලීබඳව කඩිනම් ක්‍රියා මාර්ගයක්  ගන්නා ලෙස වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘සිංහරාජ වනය JCB යොදා ගනිමින් විනාශ කරනවා’
‘සිංහරාජ වනය JCB යොදා ගනිමින් විනාශ කරනවා’
http://am.lk/media/k2/items/cache/d2bec689ffdd8a38f21aaf613cfb64a9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/jcb.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/jcb.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy