රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අර්ජුන් ඇලෝසියස් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ. ඊයේ (19) උණ, කැස...
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අර්ජුන් ඇලෝසියස් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ඊයේ (19) උණ, කැස්ස සහ හතිය වැනී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් මෙලෙස බන්ධනාගාර රෝහල වෙත අර්ජුන් ඇලෝසියස්ව යොමු කර තිබේ.
ඔහුට ඩෙංගු රෝගය වැළදී ඇත්දැයි පරීක්ෂා කෙරෙමින් ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.
අද (20) දිනයේ පවතින නඩු කටයුත්තක් හේතුවෙන් ඔහුව අධිකරණයට රැගෙන ඒමටද නියමිත අතර ඉන් පසුව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ අයතනය වෙත ඔහුව යොමු කිරීමට දැනට සැළසුම් කර තිබිණි.
ඒ අනුව මේ වන විට අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාර රෝහලේ 03 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතර දුමින්ද සිල්වා ඇතුළු 42 ක් එම වාට්ටුවේ ප්‍රතිකාර ලබනු ඇත.
පර්පෙචුවල් ට්‍රෙසරිස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් 2015 වර්ෂයේ පෙබරවාරි මස 27 දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.
COMMENTS