ම හ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කර ඇති හිටපු ඇමැති රවි කරුණානායක ඇතුළු 12 දෙනෙකුට අධිකරණ...
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කර ඇති හිටපු ඇමැති රවි කරුණානායක ඇතුළු 12 දෙනෙකුට අධිකරණය විසින් විදෙස් ගතවීම තහනම් කර ඇත. එම පිරිස අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීම සම්බන්ධයෙන් වරෙන්තු නිකිත් කිරීම ගැන තීන්දුව හෙට දිනයේ ලබා දෙන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිණි දැනුම් දී ඇත.
බැඳුම්කර වංචාවට චුදිතයන් ලෙස මෙම පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට කළ දැනුම් දීමක් අනුව පොලීසිය විසින් මේ ගැන අධිකරණයට සිදුකළ කරුණු වාර්තා කිරීමක දී මෙම නියෝගය නිකුත් කර තිබේ.

COMMENTS