දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙරට නඩුවෙන් පැන ගිය ජාලිය වික්‍රමසුරියට අමෙරිකාවෙන් නඩු - මෙරට විදේශ තානාපතිවරයකුට ඔහු සේවය කළ රටේදීම නඩු පැවරෙන පළමු අවස්ථාව
Homeප්‍රවෘත්ති

මෙරට නඩුවෙන් පැන ගිය ජාලිය වික්‍රමසුරියට අමෙරිකාවෙන් නඩු - මෙරට විදේශ තානාපතිවරයකුට ඔහු සේවය කළ රටේදීම නඩු පැවරෙන පළමු අවස්ථාව

PropellerAds

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරියට එරෙහිව ඇමරිකානු රජය නඩු පැවරීමට කටයුතු කර තිබේ. ඒ ,මුදල් විශුද්ධිකරණය , ආගමන විගමන...

කලණට හිංසා කළැයි දෙවිනුවර විෂ්ණු දේවාලයේ නිලමේවරයාගේ ලේකම් හා ඇත් ගොව්වා අත්අඩංගුවට
ගලහ රෝහලේ උණුසුම් තත්ත්වයක් - පොලීසියත් කැඳවයි
ඉන්දියාවේ ඉහලම සිවිල් සම්මානය මහින්දට දෙන්නැයි සුබ්‍රමනියම් ස්වාමිගෙන් යෝජනාවක්
මෙරට නඩුවෙන් පැන ගිය ජාලිය වික්‍රමසුරියට අමෙරිකාවෙන් නඩු - මෙරට විදේශ තානාපතිවරයකුට ඔහු සේවය කළ රටේදීම නඩු පැවරෙන පළමු අවස්ථාව

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරියට එරෙහිව ඇමරිකානු රජය නඩු පැවරීමට කටයුතු කර තිබේ.

ඒ ,මුදල් විශුද්ධිකරණය , ආගමන විගමන වැරදි ඇතුළු චෝදනා පහක් යටතේ.

එරට නව තානාපති කාර්යාලයක් 2008 වසරේදී මිලට ගැනීමේදී සිදුවූ බව කියන ඇමරිකානු ඩොලර් 320,000 මුල්‍ය අක්‍රමිකතාවක් මෙම චෝදනා වලට පදනම වී තිබේ.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වන ජාලිය වික්‍රමසුරිය

මෙරට විදේශ තානාපතිවරයකුට ඔහු සේවය කළ  රටේදීම නඩු පැවරෙන පළමු අවස්ථාව මෙය වන අතර මෙම චෝදනා එල්ලවීමෙන් පසුව ජාලිය වික්‍රමසුරියට කිසිවිටෙක තානාපති වරප්‍රසාදවල රැකවරණ හිමි නොවේ.

මෙම චෝදනා ඔප්පු වුවහොත් ජාලිය වික්‍රමසුරියට ඇමෙරිකාවේ සිර දඩුවම් විදීමට සිදුවනු ඇත .

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වන ජාලිය වික්‍රමසුරියට එරෙහිව ශ්‍රී ලංකාවේ ද මෙම මුල්‍ය අක්‍රමිකතාව මත නඩුවක් ගොනු වී ඇති අතර  2016 නොවැම්බර් 17 වෙනිදා කටුනායක ගුවන් තොටුපොළේදී ඔහුව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන පසුදාම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

කෙසේ වෙතත් ඇසේ පවතින රෝගී තත්ත්වයකට ප්‍රතිකාරයක් ලබා ගැනීම සඳහා අධිකරණයේ අවසර මත  2017 වසරේ දී ඇමෙරිකාවට ගිය ඔහු යලිත්  අධිකරණයේ පෙනී සිටියේ නැත.

ජාලිය වික්‍රමසූරිය හා ඔහුගේ ඇපකරුවන් ලෙස අධිකරණයට ඉදිරිපත් වූ සැකකරුගේ බිරිඳට හා ඔහුගේ ඥාති සොහොයුරිය වහා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කිහිප වරක්ම මේ වනවිට වරෙන්තු නිකුත් කර ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙරට නඩුවෙන් පැන ගිය ජාලිය වික්‍රමසුරියට අමෙරිකාවෙන් නඩු - මෙරට විදේශ තානාපතිවරයකුට ඔහු සේවය කළ රටේදීම නඩු පැවරෙන පළමු අවස්ථාව
මෙරට නඩුවෙන් පැන ගිය ජාලිය වික්‍රමසුරියට අමෙරිකාවෙන් නඩු - මෙරට විදේශ තානාපතිවරයකුට ඔහු සේවය කළ රටේදීම නඩු පැවරෙන පළමු අවස්ථාව
http://am.lk/media/k2/items/cache/73df1d8540a9c7ecb61b74045ec1172f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_691.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_691.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy