ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් මේ වන විට රෝහල් භූමියේ නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ. අ...
ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් මේ වන විට රෝහල් භූමියේ නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.
අනතුරකට ලක්වු වයස අවුරුදු 3 හමාරක් වු පිරිමි දරුවෙකු රෝහලට ඇතුළත් කිරීමේ දී ඇති වු ප්‍රමාදයක් හේතුවෙන් රෝහල් භූමියේ සිටි ජනතාව මෙලෙස කුපිත වී ඇත.
මේ වන විට 700 ක පමණ පිරිසක් රෝහල් භූමියේ රැදී සිටින බවත්, රෝහලේ ආරක්ෂාව සඳහා පොලීසිය යොදවා ඇති බවත් වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, 500 ක පමණ පිරිසක් මේ වන විට රෝහල් පරිශ්‍රය වට කරගෙන සිටින බවයි.
විරෝධතාකරුවන් රෝහලේ ගොඩනැගිලිවලට හා වාහනවලට හානි කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
COMMENTS