නවීන තාක්ෂණයේ අයහපත් පැතිකඩෙන් වත්මන් දරු පරපුර රැක ගැනීමේ වගකීම රජයක් ලෙස උපරිමයෙන් ඉටුකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. ජ...
නවීන තාක්ෂණයේ අයහපත් පැතිකඩෙන් වත්මන් දරු පරපුර රැක ගැනීමේ වගකීම රජයක් ලෙස උපරිමයෙන් ඉටුකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (28) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ෆාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය අමතමිනි.
පසුගියදා මහනුවර සිදුවූ සිදුවීමේදී ෆේස්බුක් සහ වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවීමට රජය ගත් පියවර පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ එය මාධ්‍ය නිදහස හෝ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් නොව අවස්ථානුකූලව ගතයුතුව තිබූ වැදගත් තීරණයක් බවයි.
එමගින්, රටේ සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකි වූ බව ද සිහිපත් කළ ජනාධිපතිවරයා රටත්, ජනතාවත් වෙනුවෙන් රජය ගත් එම පියවර ජාත්‍යන්තර සංවිධානවල ද පැසසුමට ලක්වූ බව කියා සිටියේය.
සමාජයේ පවතින විවිධ අභියෝගකාරී තත්ත්වයන්ගෙන් රටේ දරු පරපුර ආරක්ෂාකර ගනිමින් දරුවන්ට අධ්‍යාපනය සමග ලබාදෙන දැනුම සේම ජීවිතය සමත්වීම පිළිබඳ අවබෝධය ලබාදීම සඳහා දෙමාපියන්, ගුරුවරුන් සහ රජයක් වශයෙන් ඉටුකළ යුතු කාර්යයන් රැසක් පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ දෙමාපියන් නිරන්තර අවධානයෙන් කටයුතු කළයුතු අතර, විභාග ප‍්‍රතිඵල නිකුත්වීමේදී ඇතැම් දරුවන්ට දෙමාපියන්ගෙන් අත්විදීමට සිදුවන කනගාටුදායක සිදුවීම් සැලකිල්ලට ගනිමින් විභාග සඳහා දරුවන් සේම දෙමාපියන් ද සූදානම් කිරීමේ වැඩසටහනක් ඉදිරියේදී කි‍්‍රයාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.
COMMENTS