විජයකලා මහේස්වරන් මහත්මියට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යධුරය ලබා දීම පිළිබදව උතුරේ දේශපාලන පක්ෂ ගණනාවක හා ආරක්ෂක අංශ වල විරෝධය පල වී තිබේ. ඇයට ...
විජයකලා මහේස්වරන් මහත්මියට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යධුරය ලබා දීම පිළිබදව උතුරේ දේශපාලන පක්ෂ ගණනාවක හා ආරක්ෂක අංශ වල විරෝධය පල වී තිබේ.
ඇයට අමාත්‍යධුරයක් ලබා දීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුද විරෝධය පලකොට ඇත.
උතුරේ ආරක්ෂක අංශ කියා සිටින්නේ එල්.ටී.ටී.ඊ.සංවිධානයට පක්ෂපාතීව ඉතාම බරපතල ප්‍රකාශයක් ඇය මීට පෙර අමාත්‍යවරියක් වශයෙන් සිටි අවස්ථාවේදී සිදු කොට තිබියදී එම නඩුව අවසන් වීමටත් පෙර යළි අමාත්‍යධුරයක් ලබා දීම ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් බවයි.
නමුත් විජයකලා මහේස්වරන් අමාත්‍යවරිය කියා සිටින්නේ තමන් එල්.ටී.ටී.ඊ සංවිධානය අවශ්‍ය බවට කිසිම අවස්ථාවක ප්‍රකාශයක් නොකළ බවයි.
ඇය විසින් ඒ අවස්ථාවේදී කරණ ලද ප්‍රකාශයක් වැරදි ලෙස පරිවර්තනය කොට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම නිසා සිදු වූ අවාසනාවන්ත තත්ත්වය නිසා තමන්ට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ බවයි.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු යොදා ඇති බැවින් එම නඩුවෙන් පසුව සියලු දෙනාම සත්‍ය තේරුම් ගනු ඇතැයිද ඇය කියා සිටියාය.
කෙසේ වෙතත් මෙවර අමාත්‍යවරු පත් කිරීමේදී උතුරේ සංවර්ධන කටයුතු සදහා හෝ යුද අනාථයින් යළි පදිංචි කරවීම හා පුනරුත්ථාපන කටයුතු සදහා පළාතෙන් හෝ දෙමළ ජාතිකයෙකු අමාත්‍යධුරයට පත් නොකිරීම බලවත් අසාධාරණයක් බව ද උතුරේ බොහෝ දෙනෙකු කියා සිටිති.
(දිනසේන රතුගමගේ)
COMMENTS