දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාවනැල්ලේ ආගමික ගැටුම් ඇතිකරන්න හැදූ අය -ගම් වැසියන් ගස් බැන්ද හැටි
Homeගොසිප්

මාවනැල්ලේ ආගමික ගැටුම් ඇතිකරන්න හැදූ අය -ගම් වැසියන් ගස් බැන්ද හැටි

PropellerAds

මාවනැල්ල ඇතුළු අවට ප‍්‍රදේශවල ප‍්‍රසිද්ධ ස්ථානවල ඉදිකර තිබූ බුද්ධ ප‍්‍රතිමාවලට පහරදී විනාශ කරමින් සිටි අන්‍යාගමික තරුණයන් දෙදෙනකු අතරින් එ...

දයාසිරි අර්ජුනට ක්‍රිකට් සභාපතිකම දෙන්න යයි.
'මම ජනාධිපතිධුරයෙන් යන්නේ දූෂිත දේශපාලකයන්ට දඬුවම් දීලයි'
'බැඳුම්කරයට හවුල් එජාප අයට දඬුවම්'

මාවනැල්ල ඇතුළු අවට ප‍්‍රදේශවල ප‍්‍රසිද්ධ ස්ථානවල ඉදිකර තිබූ බුද්ධ ප‍්‍රතිමාවලට පහරදී විනාශ කරමින් සිටි අන්‍යාගමික තරුණයන් දෙදෙනකු අතරින් එක් තරුණයකු ඊයේ (26 වැනිදා) අලුයම මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කඩුගන්නාව, මාවනැල්ල පොලිස්‌ වසමට අයත් වෙලම්බඩ, ලියන්ගහවෙල ප්‍රදේශයේ තිබූ බුද්ධ ප්‍රතිමා හතරකට ඊයේ (26 දා) අලුයම් කාලයේ කිසිවකු විසින් හානි කර තිබිණි.

මේ අතරේ අලුයම 4.00 ට පමණ යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු මාවනැල්ල ළිඳුලවත්ත මංසන්ධියේ තිබූ බුද්ධ ප්‍රතිමාවකට පහරදෙමින් එය විනාශ කරමින් සිට ඇති අතර එහිදී ඔවුන් බුදු පිළිමය කඩාදමන අයුරු දුටු ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු සැකකරුවන් අල්ලා ගැනීමට උත්සාහ ගෙන ඇත.

ඒ අවස්‌ථාවේ යතුරුපැදියේ නැගී එක්‌ සැකකරුවකු පලාගොස්‌ ඇත.
තරුණයන්ගේ ග්‍රහණයට හසුවූ අනෙක්‌ සැකකරු ප්‍රදේශවාසීන් විසින් ගස්‌ බැඳ පසුව මාවනැල්ල පොලිසියට භාර දී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මාවනැල්ල හිඟුල, දෙල්ගහගොඩ ප්‍රදේශයේ පදිංචි අන්‍යාගමික තරුණයකු බව පොලිසිය සඳහන් කරයි.

පලා ගිය සැකකරු අත්අඩංගුව ගැනීම සඳහා මාවනැල්ල පොලිසිය මගින් ඊයේ (26 දා) විශේෂ මෙහෙයුමක්‌ද අරඹා තිබිණි.

මීට පෙරද මේ අන්දමින් මහනුවර, කඩුගන්නාව, දොඩංවල ඇතුළු ප්‍රදේශ ගණනාවක පිහිටා තිබූ බුද්ධ ප්‍රතිමාවලට පහරදී විනාශ කිරීමේ සිද්ධීන් ගණනාවක්‌ පසුගිය දිනවල වාර්තා විය.

ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක්‌ සිදු කිරීම සඳහා පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයෙන් ඊයේ (26දා) දහවල් රහස්‌ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මාවනැල්ල ප්‍රදේශයට පිටත් කර යැවූ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

සිද්ධියත් සමඟ ප්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ යෙදවීමට පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල ප්‍රදේශයේ බෞද්ධ ආගමික නායකයින් ඒකරාශී වී මාවනැල්ල බෙලිගම්මන පොත්ගුල් විහාරස්‌ථානයේදී විශේෂ සාකච්ඡාවකද නිරතවී ඇත.

ප්‍රසිද්ධ ස්‌ථානවල ඇති බුද්ධ ප්‍රතිමාවලට මේ අන්දමින් පහර දී විනාශ කිරීම කාගේ වුවමනාවක්‌ අනුව සිදුවන්නේද යන්න මේ වන විට විශාල අභිරහසක්‌ බවට පත්ව ඇති අතර මෙය ආගමික ගැටුමක්‌ නිර්මාණය කිරීමට දරන කිසියම් කුමන්ත්‍රණයක්‌ද යන්න පිළිබඳව ආරක්‍ෂක අංශවලට සැක මතුවී තිබේ.

සමන් ගමගේ සහ - යූ.ආර්. ජයන්ත සේනානායක
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාවනැල්ලේ ආගමික ගැටුම් ඇතිකරන්න හැදූ අය -ගම් වැසියන් ගස් බැන්ද හැටි
මාවනැල්ලේ ආගමික ගැටුම් ඇතිකරන්න හැදූ අය -ගම් වැසියන් ගස් බැන්ද හැටි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDqOk6IjUPDh30IxMkuqhZa4xXRk8NqI1bb_X81SZ8CslW39Nd9b-YwpBbjRdYTW7WFJySa6pCOWjqeE74yE63RmXyhUYAEPWDuk5q0HxGjjNYP7hLPk-EX5vGFQqJJ4s5v09fG6xZ8dQ/s1600/mawanella.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDqOk6IjUPDh30IxMkuqhZa4xXRk8NqI1bb_X81SZ8CslW39Nd9b-YwpBbjRdYTW7WFJySa6pCOWjqeE74yE63RmXyhUYAEPWDuk5q0HxGjjNYP7hLPk-EX5vGFQqJJ4s5v09fG6xZ8dQ/s72-c/mawanella.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_371.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_371.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy