කි‍්‍රකට් පාලක මණ්ඩලය විවේචනය නොකර කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය භාර ගන්නැයි අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍ය අර්ජුන රණතුංගගෙන් ඉල්ල...
කි‍්‍රකට් පාලක මණ්ඩලය විවේචනය නොකර කි‍්‍රකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය භාර ගන්නැයි අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍ය අර්ජුන රණතුංගගෙන් ඉල්ලීමක් කරයි.
පසුගිය දිනවල අර්ජුන රණතුංග අමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම සම්බන්ධව දිගින් දිගටම තම අප්‍රසාදය පල කළේය.
අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ ඇතැම් ප‍්‍රකාශ සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍යවරයා ප‍්‍රතිචාර දැක්වූයේ මෙසේය.
"බෝලයක් බැට් එකක් අල්ල නැති සින්දු කියල නටන්න පුළුවන් අය හිතනව ක්‍රීඩාංගනයට ගිහිල්ල හැමදේම කරන්න පුළුවන් කියල. ජාතික කණ්ඩායම තෝරණකොට පරිපාලනයේ ඉහළ ඉන්න නිලධෘරීන් නියෝජනය කරන ක්‍රීඩා සමාජවලින් ක්‍රීඩකයෝ කොයි තරම් සෙල්ලම් කරනවද කියල බලන්න. තාම අපි පස්ස ඇණ ගත්තේ නැහැ. තවම ක්‍රිකට් වැටිල නැහැ."
තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"මං කියන්න කැමතියි අර්ජුණ රණතුංගු 96දී ගහපු ක්‍රිකටුයි අද ක්‍රිකටුයි අහසයි පොළොවයි වගෙයි. ඒ කාලේ ඩේවිඩ් බූන්ල හිටිය අර්ජුණ රණතුංගල හිටිය. අද එහෙම නැහැ. මට සිංදු කියන්න පුළුවන් වුණයි, අර්ජුණට සිංදු කියන්න බැරිවුණයි කියල මට ඉරිසියා කරන්න එපා. එයාට ඕන හැමදාම ලංකාවේ ක්‍රිකට් පරදින්න. ලෝක කුසලානය ආයේ කවදාවත් ලංකාවට නොගෙනෙන්න. පරදිනකොට පරදිනෝ කියල කෑ ගහනව. දිනනකොට කතා කරන්නෑ. මේ තියෙන්නේ ඊර්ෂාවක්. තමන්ට ක්‍රිකට් බෝඩ් එකේ සභාපති වෙන්න බැරි වුණයි කියල අපි මැරෙන්නයැ. එක්කෝ තමන්ගේ වැඩක් කරගෙන ඉන්න. නැත්නම් ක්‍රීඩා අමාත්‍යංශය බාරගෙන මේකත් කාල ඉවර කරන්න." යැයි පැවසීය.
COMMENTS