දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'බැඳුම්කරයට හවුල් එජාප අයට දඬුවම්'
Homeගොසිප්

'බැඳුම්කරයට හවුල් එජාප අයට දඬුවම්'

PropellerAds

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම අයථා ලෙස උපයාගෙන ඇති මුළු මුදලම රජයට ලබාගත හැකි නිසා රජයට කිසිදු අලාභයක්‌ සිදු...

සංචාරක හිතැති ත්‍රිරෝද රථ සඳහා පොලී රහිත ණයක්.
සංචාරක සංවර්ධන අධිකාරිය : රනිල් - මංගල විකුණා මාධ්‍යවේදියෙක් අපහසුතාවයට පත්කරලා.
"මත්තල මාසික ආදායම ලක්‍ෂ 12 යි - වියදම ලක්‍ෂ 2,500 යි."

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම අයථා ලෙස උපයාගෙන ඇති මුළු මුදලම රජයට ලබාගත හැකි නිසා රජයට කිසිදු අලාභයක්‌ සිදු නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18 වැනිදා) විශේෂ ප්‍රකාශයක්‌ කරමින් සඳහන් කළේය.

එම ප්‍රකාශය මෙසේය.

බැඳුම්කර චෝදනා පාපිස්‌ස යටට දැම්මේ නෑ

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්‌ෂ පාට තනතුරු කුමක්‌ වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නයි. බලයට පත් වී ටික කලෙකින් බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ චෝදනාවක්‌ නැගුණා. අපි එය පාපිස්‌ස යටට දැම්මේ නෑ. 

සති දෙකක්‌ ඇතුළත විමර්ශන කමිටුවක්‌ පත් කළා. විමර්ශන කාලය තුළ මහ බැංකු අධිපති රාජකාරි කටයුතු වලින් ඉවත් වුණා. පාර්ලිමේන්තුව දැනුවත් කළා. පාර්ලිමේන්තුවට වුවමනා නම් තේරීම් කාරක සභාවක්‌ පත්කරන ලෙස මම දැනුම් දුන්නා. විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙතෙක්‌ කල් කෝප් කමිටුවේ සභාපතීත්වය දැරුවේ ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරයෙක්‌. වත්මන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපතිත්වය විපක්‌ෂ මන්ත්‍රීවරයෙකුට දුන්නා. කමිටුව මගින් බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්‌ෂණ ආරම්භ කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විවාද කළා. මේ වාර්තාව පිළිබඳ සුදුසු ක්‍රියා මාර්ග ගැනීම සඳහා 2016 ඔක්‌තෝබර් 31 වන දා නීතිපතිවරයාට යොමු කළා.

මේ ගැන, විශේෂයෙන්ම පර්පචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගම ගැන වැඩිදුර පරීක්‌ෂණ පැවැත්විය යුතු බව කෝප් කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ අනුව ජනාධිපතිතුමා මා සමගත් සාකච්ඡා කර ජනාධිපති කොමිසම පත් කළා. කොමිසමේ කටයුතුවලට අපි සහාය දුන්නා. අපේ ඇමතිවරු කොමිසම හමුවට ගියා. මමත් ගියා.

චෝදනා ගැන මෙසේ විමර්ශන කළ කිසිම ආණ්‌ඩුවක්‌ නෑ

චෝදනාවක්‌ එල්ල වූ විට එය විමර්ශනය කිරීම සඳහා මේ ආකාරයට කටයුතු කළ කිසිම ආණ්‌ඩුවක්‌ නෑ. තුන් වතාවක්‌ අප මේ ගැන පරීක්‌ෂණ කළා. 

පසුගිය ආණ්‌ඩුව සමයේ අවස්‌ථා ගණනාවකදීත් මේ ආකාරයෙන් චෝදනා එල්ල වුණා. නමුත් ඒ කිසිම අවස්‌ථාවක ඒ පිළිබඳ පරීක්‌ෂණ සිදු කළේ නෑ. පාර්ලිමේන්තුවට කරුණු හෙළි කළේ නෑ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ අවස්‌ථාවන්හි පවා පිළිතුරු දුන්නේ නෑ. 

ලංකාවේ මුල්‍ය පාලනය සතු පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුවේ මේ බලය අමතක කර තිබුණා. අපි පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලය යළිත් තහවුරු කිරීමටයි කෝප් කමිටුව සහ පාර්ලිමේන්තුවට මේ වගකීම භාර දුන්නේ. එම වගකීම එතනින් ඉවත් කිරීමට බැහැ. පාර්ලිමේන්තුව සිය මුල්‍ය පාලන බලතල නිසි අයුරින් පාවිච්චි කළ අවස්‌ථාවක්‌ ප්‍රදර්ශනය කිරීමක්‌ ලෙස බැඳුම්කර සිදුවීම උඩ අපි දැක්‌කා. මෙය ආණ්‌ඩුව විනිවිද භාවයෙන් යුතුව ක්‍රියා කරන බවට හොඳම උදාහරණයක්‌. 

පර්පෙචුවල් සතු බිලියන 12 ක්‌ රඳවාගෙන

මේ බැඳුම්කර නිසා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගම අයුතු ලෙස බිලියන 9.2 ක්‌ උපයා ගෙන ඇති බව කොමිසම් වාර්තාවේ සඳහන්. මා ඇමති ධූරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති මහ බැංකුව මේ වන විටත් ඒ සමාගමේ බිලියන 12 ක මුදලක්‌ රඳවා ගෙන තිබෙනවා. ඒ නිසා කොමිසම නිර්දේශ කළ පරිදි රුපියල් බිලියන 9. 2 ක නැවත ලබා ගන්න පුළුවන්. අපි ඒ සඳහා කොමිසම විසින් යෝජනා කළ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. එවිට මේ මුළු මුදලම රජයට ලබා ගන්න පුළුවන්. රජයට කිසිදු අලාභයක්‌ සිදු වන්නේ නෑ.

ඒ වගේම මේ වංචාවට කිසියම් හෝ නිලධාරීන් පිරිසක්‌ හවුල් නම් ඒ අයට නීතිය අනුව ක්‍රියා කරනවා. බැඳුම්කර පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්‌ථාවේ පටන් ඒ සඳහා අවශ්‍ය විමර්ශන කරන්නට අපි උපරිම සහය දුන්නා. දැන් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් අපි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. අපේ ආණ්‌ඩුව ප්‍රතිපත්ති ගරුක, විනය ගරුක, ශීලාචාර ආණ්‌ඩුවක්‌ බව ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට අපට පුළුවන් වෙලා තිබෙනවා. 

මෑත ඉතිහාසයේ මේ ආකාරයෙන් ආණ්‌ඩුව කටයුතු කළ අවස්‌ථාවක්‌ අප දුටුවේ නැහැ. අපේ ඇමැතිවරු සම්ප්‍රදාය කඩ කිරීම පිළිබඳව ඉල්ලා අස්‌වුණා. නීතිය ක්‍රියාත්මක වුණා. ඇඟිලි ගැසීම් නොමැතිව අධිකරණය තීන්දු දුන්නා. ජනතාව නිදහසේ අදහස්‌ දැක්‌වූවා. ජනමාධ්‍ය බයක්‌ නැතුව කටයුතු කළා. 

ඒ විතරක්‌ නෙවෙයි. බැඳුම්කර වාර්තාවෙන් චෝදනා ලබන අපේ පක්‌ෂයේ සාමාජිකයන් ඉන්නවා නම්, ඒ අය පිළිබඳව සොයා බලා තීරණයක්‌ ගන්නට අපි තිලක්‌ මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්‌ පත් කර තිබෙනවා. කමිටු නිර්දේශය අනුව අපි ක්‍රියා මාර්ග ගන්නවා. 

ඒ එක්‌සත් ජාතික පක්‌ෂ සම්ප්‍රදායයි. ඒ අප ඇති කරමින් ක්‍රියාත්මක කරන සම්ප්‍රදායයි. අපේ පක්‌ෂයේ සම්ප්‍රදාය සහ යහපාලන සංකල්පය අනුව යමින් අපි රට හදනවා. ගම හදනවා. යහපත් හෙටක්‌ මේ රටට උදා කරනවා. 

 හරිපාරේ ඉදිරියට යනවා

ජනවාරි 08 වන දා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු වෙනස, යහපත් සමාජය අපි උදාකරනවා. එය එක දවසින්, එක රැයෙන් කරන්න පුළුවන් දෙයක්‌ නෙවෙයි. මේ විභාගයත් එයට ආරම්භයක්‌ ලෙස සළකන්න පුළුවන්. අපි අතීතයත් වර්තමානයත් පිළිබඳව එක සේම අවධානය යොමු කරනවා. අපි හරි පාරේ ඉදිරියට යනවා. වැරදි නිවැරදි කර ගන්නවා. අඩුපාඩු සකස්‌ කර ගන්නවා. බැඳුම්කරය පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්‌ථාවේ සිට මේ දක්‌වා අප ගත් ක්‍රියා මාර්ග මගින් පෙන්නුම් කරන්නේ අප හොඳ ආරම්භයක්‌ ගෙන ඇති බවයි. අප සොයා බලන්නේ පසුගිය රජයේ දූෂණ වංචා ගැන පමණක්‌ නෙවෙයි. වර්තමානයේ එල්ල වන දූෂණ චෝදනා ගැනත් අප සොයා බලනවා. විමර්ශනය කරනවා. නිසි පියවර ගන්නවා.

අපේ රටට යහපත් අනාගතයක්‌ උදා කර දීම අපේ අරමුණයි. අපේ රට යහපත් හා පොහොසත් රටක්‌ බවට පත් කිරීම අපේ අරමුණයි. ඒ අරමුණ ජය ගැනීම සඳහා අපි එකට එක්‌ව කටයුතු කරමු. අභියෝග ජය ගනිමු. බලගතු ශ්‍රී ලංකාවක්‌ නිර්මාණය කරමු.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'බැඳුම්කරයට හවුල් එජාප අයට දඬුවම්'
'බැඳුම්කරයට හවුල් එජාප අයට දඬුවම්'
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKyasIirOpC-XrZZZS7gO8X7LlBejapqPpr5Ij794IYt-zW0BSbdqLPw_wQ-ChSah1rdM4HsE3gyZBau7DZxfRcX5xnNFW-5RHtTvT4KNo1GMf7I2KANdMDOyz3M9h0mto7vcV70Pqi6wQ/s1600/Ranil+Camble.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKyasIirOpC-XrZZZS7gO8X7LlBejapqPpr5Ij794IYt-zW0BSbdqLPw_wQ-ChSah1rdM4HsE3gyZBau7DZxfRcX5xnNFW-5RHtTvT4KNo1GMf7I2KANdMDOyz3M9h0mto7vcV70Pqi6wQ/s72-c/Ranil+Camble.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_173.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_173.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy