ජනතා විමුක්ති පෙරමුණේ දර්ශනයට හා වැඩපිළිවෙළට මහ පොළොවේ කෙදිනක හෝ පදනමක් නොවූ බව තේරුම් ගත් ජවිපෙ සාමාජිකයන් පිරිසක් ජනතාව හා ගොඩනැඟෙන ජනතා...
ජනතා විමුක්ති පෙරමුණේ දර්ශනයට හා වැඩපිළිවෙළට මහ පොළොවේ කෙදිනක හෝ පදනමක් නොවූ බව තේරුම් ගත් ජවිපෙ සාමාජිකයන් පිරිසක් ජනතාව හා ගොඩනැඟෙන ජනතාව හා ජීවත් වන වැඩිම කාලයක් මේ රට පාලනය කළ පක්ෂය වන ශ්‍රීලනිපය හා එක්වූ බව සමාජ සවිබල ගැන්වීම් සුබ සාධක හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි.
ශ්‍රීලනිපය හා ජවිපෙන් එක්වූ පිරිස ජවිපෙ ක්‍රියාකාරීන් නොවන බවට එහි නායක අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.
පක්ෂයක සාමාජිකයන් පක්ෂයෙන් ගිය විට සාමාන්‍යයෙන් පක්ෂයේ අනිත් අය ප්‍රකාශ කරන සාමාන්‍ය පොදු ප්‍රකාශය අනුර කුමාර දිසානායකද සිදුකර ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.
එම ප්‍රකාශයේ කිසිදු විශේෂත්වයක් නැති බවත් පැමිණි පිරිස ගම තුළ ජන පදනමක් ඇති ගමේ මිනිසුන්ගේ විශ්වාසය හා ආදරය දිනාගත් පිරිසක් බවද පැමිණි ඒ පිරිස සාදරයෙන් පිළිගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.
ජවිපෙන් 31ගේ සහය ජනපතිට
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රීවරුන් ඇතුළු සාමාජිකයින් 31 දෙනෙකු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට එක්වූහ.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 04 දෙනෙකු, පළාත් සභා මන්ත‍්‍රීන් 07 දෙනෙකු, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීන් දෙදෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් 18 දෙනෙකු පසුගිය 21 වනදා ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවී මෙලෙස සහය පළකරනු ලැබූහ.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිමුතු අබේකෝන්, ආර්.පී.ඒ රණවීර, එස්.කේ සුභසිංහ සහ අන්ජාන් උම්මා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට සහය පල කිරිමට එක්විය.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීරුන් වන එරාජ් ක්‍රිෂාන්ත ද අල්විස්, සමන් පුෂ්පකුමාර, අනුර දිසානායක, එච්.එම්.කේ හේරත්, එම්. ජයරත්න, අරුණ දිසානායක සහ පී. භූමිනාදන් යන මහත්වරුන් ද ජනාධිපතිවරයාට සහය පළ කර තිබේ.
කෙසේ වෙතත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ ශ්‍රීලනිපය හා ජවිපෙන් එක්වූ පිරිස ජවිපෙ ක්‍රියාකාරීන් නොවන බවයි.
COMMENTS