උතුරේ සියලූම ද්‍රවිඩ දේශපාලන නායකයින්ගේ ආරක්ෂාවට සිටින්නේ සිංහල පොලිස් නිලධාරීන් බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. යාප...
උතුරේ සියලූම ද්‍රවිඩ දේශපාලන නායකයින්ගේ ආරක්ෂාවට සිටින්නේ සිංහල පොලිස් නිලධාරීන් බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.
යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ පිහිටි කරම්පන් ජැටියේ සිට එළුවතිව් හා අනලාතිව් දූපත් වල ජීවත් වන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් ඉටු කිරීම සඳහා නාවික හමුදාවේ පූර්ණ සහයෝගයෙන් එළුවතිව් හා අනලාතිව් දූපත් අතර මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර එච්.ජී.එම්.සී. පලිහක්කාර මැතිතුමාගේ සංකල්පයකට අනුව මෙම යාත්‍රාව ලබා දීමට කටයුතු සූදානම් කර තිබූ අතර මේ සඳහා මිලියන 132ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් වෙන් කරන ලදී.
වායු සමනය කරන ලද සියලු පහසුකම් වලින් සපිරුණු මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රාව ‘එළුතාරකයි’ යන නමින් හඳුන්වා ඇත. වරකට මගීන් 40කට අධික ප‍්‍රමාණයක් මෙම යාත‍්‍රාව මගින් ප‍්‍රවාහනය කල හැකි අතර යාපනය දිස්ත‍්‍රික් ලේකම් එන්. වේදනායගම් මහතාගේ මූල්‍යාධාර වෙන් කිරීම තුලින් ප‍්‍රදේශයේ ජනතාවට මෙම පහසුකම උදාවිය.
උතුරු පළාතේ ද්‍රවිඩ දේශපාලන නායකයින්ගේ ආරක්ෂාව සපයන්නේ සිංහල පොලිස් නිලධාරීන් බවත් මෙම ක‍්‍රියාවම සහජීවනයට හොඳ මාවතක් බවත් ප‍්‍රකාශ කල ආණ්ඩුකාරවරයා ද්‍රවිඩ දේශපාලන නායකයින් සිංහල පොලිස් නිලධාරීන් විශ්වාස කරන තරම් දමිළ පොලිස් නිලධාරීන් විශ්වාස නොකිරීම පිළිබඳව සොයා බැලිය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කළහ.
COMMENTS