රටේ සම්පත් විකිණීමක් සිදු කළද එයින් ලැබෙන මුදල් කොහෙට යනවද යන්න පිළිබඳව නොදන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ හෝමාගම පිට...
රටේ සම්පත් විකිණීමක් සිදු කළද එයින් ලැබෙන මුදල් කොහෙට යනවද යන්න පිළිබඳව නොදන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ හෝමාගම පිටිපන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අද බලන්න අපේ රට භාර දෙනකොට මේක ස්වයංපෝෂිත වෙච් රටක් හාල් වලින්. අද මොකද වෙලා තියෙන්නේ? අද සම්පුර්ණයෙන්ම නැව් එනකන් ඉන්න වෙලා. නැවක් ප්‍රමාද වුණොත්, පෙට්‍රල් පෝලිමේ හිටියා වගේ නැව ප්‍රමාද වෙලා කන්න නැතුව ඉන්න වෙනවා බත් කෑම අතාරින්න වෙනවා. සමහරු කෑ ගැහුවා වස විස නැති වැඩ පිළිවෙලක් දියත් කරනවා කියලා. අන්තිමට අපි දන්නේ නැහැ මොන වසක් ගහලා ගේනවා කියලා පිටරටින් ගේන හාල් වලට. රටේ සම්පත් ටික එක පැත්තකින් විකුණනවා. සල්ලි කොහාට යනවද කියලා දන්නේ නැහැ. මේවට ඉඩ දීලා බලාගෙන ඉන්නවද? මෙම මැතිවරණය ජනමත විචාරණයක් වශයෙන් සලකලා ජන්දේ දෙන්න ඕනේ.”
COMMENTS