නැවත කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමේදී සෞඛ්‍ය අමාත්‍යධූරය කිසිසේත්ම රාජිත සේනාරත්න මහතාට ලබා නොදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති...
නැවත කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමේදී සෞඛ්‍ය අමාත්‍යධූරය කිසිසේත්ම රාජිත සේනාරත්න මහතාට ලබා නොදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යධුරය දරන කාලයේදී වෛද්‍ය ආඥා පනත අහෝසි කිරීම හා නව වෛද්‍ය සභාවක් පත් කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තාක්ෂණික තීනදු තීරණ අභියෝගයට ලක්කරමින් ක්‍රියා කිරීම, වෛද්‍ය සභාවේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධුරය සම්පූර්ණ කිරීම හිතාමතා කල්දැමීම, වෛද්‍ය සභාවට දේශපාලන හෙංචයියන් පත්කිරීම වැනි අක්‍රමිකතා රැසක් සිදුකළ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
ඉතිහාසයේ ප්‍රථම වතාවට රට පුරා වෛද්‍යවරුන් 14000කට අදික ප්‍රමාණයක් අත්සන් කළ විරෝධතා පෙත්සමක් රාජිත සේනාරත්න මහතාට එරෙහිව සකස්කර මීට පෙර ජනාධිපතිවරයාට යවා තිබෙන බන ද ලේකම්වරයා කීය.
එම නිසා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු ද වන ජනාධිපතිවරයා යටතේ ම සෞඛ්‍ය අමාත්‍යධුරය තබාගන්නැයි ඉල්ලා සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසීය.
COMMENTS