Hot!

යාපනය මහාධිකරණය විනිසුරුට වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු පොලිසියට බාර වෙයි

යාපනය මහාධිකරණය විනිසුරුට වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු පොලිසියට බාර වෙයි

පසුගිය ජුලි 22 වනදා සවස මෙම වෙඩි තැබීම සිදු වූ අතර ඉන් ඉලන්චේලියන් විනිසුරුවරයාගේ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු තුවාල ලැබීය. ඉන් බරපතළ තුවාල ලැබූ පොලිස් සැරයන් වරයා ජුලි 23 වනදා අලුයම වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් විය. විද්‍යා සිසුවිය සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කිරීම සම්බන්ධ නඩු විභාගයේ විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු වන එම්. ඉලන්චේලියන් මහතා මේ අවස්ථාවේ තුවාල නොලදමුත් මෙම වෙඩි තැබීම සහ එහි පශ්චාත් සිදුවීම් සමාජය කළඹවා ලීමට සමත් විය.

අත් අඩංගුවට පත් වූ ප්‍රධාන සැකකරු 39 හැවිරිදි පුද්ගලයකු වන අතර මීට පෙර ජුලි 23 වන දා ද මේ සම්බන්ධයෙන් දෙදෙනෙකු පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

0 comments:

Post a Comment