දකුණු පළාත් සභාවේ එජනිස නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා දකුණු පළා...
දකුණු පළාත් සභාවේ එජනිස නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මහතා දකුණු පළාත් සභාවට පිං පෙට්ටියක් රැගෙන පැමිණීමත් සමඟින් දකුණු පළාත් සභාවේ ඇති වුයේ මහා ගාල ගෝට්ටියකි.
දකුණු පළාත් සභාව අද සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් කලේගාන ශ්‍රවනාගාරයේ දී රැස් වු අවස්ථාවේ දී මෙම ගාල ගෝට්ටිය ඇති විය.
චන්න සාලිය මෙන්ඩිස් මන්ත්‍රීවරයා අඟුළුදමන ලද පිං කැටය සොලවමින් සභාවට පැමිණීමත් විපක්ෂයේ එජාප මන්ත්‍රිවරුන් එයට විරෝධය පල කරන ලදී. විපක්ෂයෙන් කියවුයේ බෝම්බයක් බෝම්බයක්, වහාම ඉවත් කරන්න යන්නයි. ඒ සමඟින් ඇතිවුයේ මහා නොසන්සුන්තාවයකි.
මේ අනුව පළාත් සභාවේ සභාපති සෝමවංස කෝදාගොඩ මහතා මේ පිංකැටය වහාම සභාවෙන් ඉවත් කරන්න පියවර ගන්න යැයි ආරක්ෂක අංශයට නියෝග කරන ලදී.
මෙහි දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිංකැටය සභාව මැදට රැගෙන විත් පඩුරු දැමීම සිදු කර අතර එම අවස්ථාවේ දී එජාප මන්ත්‍රිවරු සභාවට මැදට පැන පිංපෙට්ටිය උදුරාගන්නට තැත් කිරිමේ දී සභාව තුළ ඇති වුයේ මහා නොසන්සුන්තාවයකි.
දකුණු පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අශෝක ධනවංශ මහතා සහ චන්දන ප්‍රියන්ත යන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිංපෙට්ටියට ගන්නට පොරකෑමේ නිසා මහා ආරවුලක් සභාව මැද ඇතිවුහ.
ඒ සමඟම සභාව මැදට පැමිණි සන්ධාන මන්ත්‍රීවරුන් වන ඩී.වී.උපුල්, අජිත් රාජපක්ෂ,ක්‍රිෂාන්ත පුෂ්පකුමාර, චන්න සාලිය යන මන්ත්‍රිවරු පිං පෙට්ටිය ලබා නොදීමට පියවර ගැනීමත් සමඟින් ඇතිවුයේ පොරකෑමකි.
විනාඩි කිහිපයක් පැවති මෙම පොරකෑම නිසා සභාව දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.
ඉන් අනතුරුව චන්න සාලිය මන්ත්‍රීවරයා රැගෙන ආ පිංපෙට්ටිය සභා ගැබෙන් ඉවත් කෙරිණි.
COMMENTS