සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අදයි. ලොව පුරා දස ලක්ෂ සංඛ්‍ය...
සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අදයි.
ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව සාමය මානව දයාව, අනුනට උදව් කිරීම, ප්‍රේමය යනාදී ගුණයහපත්කම් අගයන ලෝකවාසීහු අද මේ අසිරිමත් උපන් දිනය සමරති.
දිළිඳු ගවලෙනක, සීතල උඳුවප් මහේ උපත ලද ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණෝ, අවිදු අඳුරු නිමවා ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිත කාලයම කැප කළ අයුරු සිහිපත් කරමින් ශ්‍රී ලාංකික අපද අද මේ දිනය සැමරුමට එක්වනුයේ එකිනෙකා කෙරෙහි හදවතේ උපන් ගෞරවය, සෙනෙහස, සතුටු සිත් පෙරටුවය.
සාමය, සංහිඳියාව, සහෝදරත්වය ගොඩනැඟීමේ සුබමොහොත සහ කාලීන අවස්ථාව උදාවී ඇතැයි අද රටපුරා සෑම දෙව් මැදුරකම ගැයෙන බැතිගීවල නාදය වනු ඇත.
උතුරු - දකුණු, බටහිර - නැගෙනහිර කියා හෝ සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කියා හෝ බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික, හින්දු, ඉස්ලාම් කියා හෝ කිසිදු බේදයක් නොමැතිව රටට, සාමය සෞභාග්‍ය උදාවේවායි එක් සිතින් ප්‍රාර්ථනා කරමින් ප්‍රීතිමත් නත්තල් දිනක් සැමැරීමට සියලුදෙනා අධිෂ්ඨාන කරගෙන සිටින බව නොරහසකි.
COMMENTS