අද (26) උදෑසන 8 ට පමණ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙක් තුවාල ලබා ඉන් එක් අයෙක් මිය ගොස් තිබේ. පොලිස් ...
අද (26) උදෑසන 8 ට පමණ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙක් තුවාල ලබා ඉන් එක් අයෙක් මිය ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේ, තුවාලකරුවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින් අතරින් එක් අයෙක් මෙලෙස මිය ගොස් තිබේ.
මිය ගොස් ඇත්තේ, වයස 32 ක් වු දිනේෂ් එරංග නැමති, හේනමුල්ල නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බ්ලුමැන්ඩල් සංඛ නැමති අයෙක් මෙම වෙඩි තැබීම සිදු කල බවට පොලීසිය සැකකරයි.
තුවාල ලැබූ තිදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
COMMENTS