දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
CCTV වලින් ඇති ආරක්‍ෂාවක් නෑ.. සිසුන්ගේ රහස් හෙලි වෙනවා.. එනිසා ගලවා දැම්මා - කැළණියේ ශිෂ්‍ය සංගම් සභාපති හිමි
Homeප්‍රවෘත්ති

CCTV වලින් ඇති ආරක්‍ෂාවක් නෑ.. සිසුන්ගේ රහස් හෙලි වෙනවා.. එනිසා ගලවා දැම්මා - කැළණියේ ශිෂ්‍ය සංගම් සභාපති හිමි

PropellerAds

කැ ලණිය විශ්ව විද්‍යාලයේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධති ගලවා දැමීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම...

"ක්‍රිකට් කඩා වැටුණේ ක්‍රිකට් මණ්ඩලය පාවිච්චි කර බිස්නස් කරන්න ගිහින්" - අකිල
"මම ඔය සියලුදෙනාගේම අප්පච්චි" - පොලිස්පති යළිත් සංවේදී වෙයි (Video)
මෛත්‍රී - මහින්ද ඝාතන සැලසුම ගැන කී ඉන්දියානු ජාතිකයාට මානසික ලෙඩක්?
කැලණිය විශ්ව විද්‍යාලයේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධති ගලවා දැමීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සිදු කර ඇත.

එම කැමරා පද්ධති මගින් පාලනාධිකාරිය විසින් සිසුන්ගේ සංවිධානගත වීම නිරීක්ෂණය කරන බවද සංගමයේ සභාපති හිමියන් සඳහන් කළහ.

සිසු අරගලවලට නායකත්වය දෙන සිසුසිසුවියන් එමගින් හඳුනාගත හැකි බවත් උන්වහන්සේ සඳහන් කළහ.

එමෙන්ම සීසීටීවී කැමරා පද්ධති මගින් සිදුකරන්නේ තොරතුරු රැස් කිරීම මිස ආරක්ෂාවට තහවුරු කිරීමක් නොවන බවද සංගමයේ අදහසයි.

එම ශිෂ්‍ය සංගමය විසින් නිකුත් කර ඇති පැහැදිලි කිරීම මෙසේය.

CCTV වලට විරුද්ධ ඇයි.

මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලය පිලිබදව සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය හරහා විශාල අසත්‍ය ප්‍රචාර රාශියක් සංසරණය වෙමින් පවතී. නමුත් හැමදාමත් වගේ මේ රටේ පාලකයන් කලේ මාධ්‍ය යොදාගෙන සැබෑ ප්‍රශ්න මහ ජනතාවගන් වසන් කිරීම‍යි. එබදු මොහොතකත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අප ආරක්ෂක කැමරා සවිකිරීමට විරුද්ධව ක්‍රියා කරන්නට හේතු ගණනාවක් තිබේ.

විශේෂයෙන්ම මෙහිදී ආරක්ෂාව යනු කුමක්ද? යන්න පිළිබඳව නිසි පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වේ. ආරක්ෂාව යනු වෙන්න නියමිත කරදරයක් කලින් දැනගෙන වෙන්න පුලුවන් දෙයින් වැළකී සිටීමයි. නමුත් CCTV සවිකිරීමෙන් වීමට නියමිත දෙදෙයින් වැළකී සිටීමට භාවිතා කළහැකි ද යන්න විමසිය යුතු වේ. සාමාන්‍යයෙන් CCTV භාවිතා කර සිදුකරනු ලබන්නේ සිද්දියක් වූ පසු ඒ පිළිබඳව තොරතුරු රැස් කර ගැනීමයි. එබදු තත්ත්වයක සිට විශ්වවිද්‍යාල තුළ CCTV සවිකිරීම තුළින් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු නොවන බව පෙනීයයි. ඒ මොකද දෙයක් සිදු වූ පසු ඉන් ලැබිය යුතු හානියත් ලැබී ඉන් ලැබෙන ආරක්ෂාවක් නොමැති නිසාය.

අනෙක් අතට CCTV සවිකිරීම තුළින් සිසුන් මර්දනය වන්නේ කෙසේද යන්න මෙසේ විමසීය යුතුය. ඒ අන් කරුණක් නිසාවත් නොව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අපහට මුහුණ දීමට සිදුව ඇති අධ්‍යයන සුබසාධන ගැටලු ගැටලු රාශියක් මේ වන කොට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උද්ගතව ඇත. එම සුභසාධන ගැටළු විශ්වවිද්‍යාල පරිපාලනයට අප ලිඛිතව දැනුම් දෙන අතර ඒවාට පිළිතුරු නොමැති විට අපට සිදු වනුයේ අයිතීන් දිනාගැනීමට අරගල කිරීමයි. එහිදී එම අරගල සිදු කරන විට විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂක කැමරා සවිකිරීම තුලින් එම අරගල වලට නායකත්වය දෙන ශිෂ්‍ය නායකයින් කරන්නේ කුමක්ද ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද යන්න විශ්ව විද්‍යාලයක් පරිපාලනයට ලබා ගැනීමට කටයුතු කරයි. ඉන්පසු ඒවා යොදා ගෙන පරිපාලනය සිදු කරනුයේ එබඳු අරගල වලට නායකත්වය දෙන ශිෂ්‍ය නායකයින් සඳහා පන්ති තහනම් කිරීම්, ශිෂ්‍යභාවය අහෝසි කිරීම් ආදිය ලබා දී මර්දනය කිරීමයි.

ශිෂ්‍ය නායකයින් පමණක් නොව විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ආරක්ෂක කැමරා සවි කර ඇතිවිට පොදු ශිෂ්‍යයන් හට එකතු වීමට ඇති අයිතිය සංවිධානය වීමට ඇති අයිතිය වැළකේ. එයට හේතුව නිතරම ශිෂ්‍යයන් පිළිබඳව පරිපාලනය සීසීටීවී උපයෝගී කරගෙන ඇහැ ගහගෙන සිටීමයි. එම හේතුව නිසාවෙන් ශිෂ්‍යයන්ම ස්වයං මර්දනයකට ලක් වනු ලැබේ. තවද උදාහරණයක් ලෙස බස් එකක “මෙහි සීසීටීවී ක්‍රියාත්මක වේ” යනුවෙන් ගසා ඇති විට අඩුම තරමේ යන මගීන්ට නිදා ගැනීමට හෝ ඇති අයිතිය ද නැති වී යයි.එයට හේතුව නිතරම තවත් පුද්ගලයකු තමන් දෙස ආරක්ෂක කැමරා හරහා බලා සිටින නිසාවෙනි. එම නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස විශ්වවිද්‍යාල තුළ සීසීටීවී සවි කිරීමට යාම සම්බන්ධව විරුද්ධ වනුයේ ඉහතකී ආකාරයට මර්දනය ගෙන එන නිසාවෙනි. තවද විශ්වවිද්‍යාල පරිශ්‍රය පමණක් නොව ඉන් පරිබාහිර සමාජය තුළ ද ආරක්ෂක කැමරා සවි කිරීම තුළින් මෙලෙසම මිනිසුන්ට මර්දනය ගෙන එන බව අමුතුවෙන් කිව යුතු නැත.

එම නිසාවෙන් විශ්වවිද්‍යාල සිසුන් ගැවසෙන ස්ථානවල හා ශිෂ්‍යයන් නිතර යන එන ස්ථානයන්හි සීසීටීවී සවිකිරීම සම්බන්ධව විරුද්ධ වන අතර ඒ අන් කවර කරුණක් නිසාවත් නොව ඉහත ආකාරයට පරිපාලනයට අවශ්‍ය මොහොතේදී මර්දනය ගෙන එන නිසාවෙනි.

මහා ශිෂ්‍ය සංගමය
කැළණිය විශ්ව විද්‍යාලය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: CCTV වලින් ඇති ආරක්‍ෂාවක් නෑ.. සිසුන්ගේ රහස් හෙලි වෙනවා.. එනිසා ගලවා දැම්මා - කැළණියේ ශිෂ්‍ය සංගම් සභාපති හිමි
CCTV වලින් ඇති ආරක්‍ෂාවක් නෑ.. සිසුන්ගේ රහස් හෙලි වෙනවා.. එනිසා ගලවා දැම්මා - කැළණියේ ශිෂ්‍ය සංගම් සභාපති හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRuyQpjlfETlnsNNHSOoWKh3A7gl8n7B0ver_JYvuk1M61n1ovRlt6QoMbjXMy3mhCM3k55goi8kNvt_FDyeC8qhob-BfjXOjfRKjJ3FaowI3VLifGlkZkBclzKsBalzfn2infpc_nY7Cv/s320/446.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRuyQpjlfETlnsNNHSOoWKh3A7gl8n7B0ver_JYvuk1M61n1ovRlt6QoMbjXMy3mhCM3k55goi8kNvt_FDyeC8qhob-BfjXOjfRKjJ3FaowI3VLifGlkZkBclzKsBalzfn2infpc_nY7Cv/s72-c/446.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/cctv.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/cctv.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy