ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකර තිබු සේනානායක මහත්වරුන්ගේ නම් ...
ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකර තිබු සේනානායක මහත්වරුන්ගේ නම් සඳහන්ව පැවති නාම පුවරුව මේ වන විට ඉවත් කර ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීහූ පවසති.
කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ජලාශය ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමට අදාළව එවකට අග්‍රාමාත්‍ය වු ඩී.එස්.සේනානායක මහතා හා එවක කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සඳහන්ව පැවති නාම පුවරුව එලෙස ඉවත් කර ඇති බවයි.
කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ඉරණමඩුව ජලාශය 1954 වසරේ ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේදී සේනානායක මහත්වරුන්ගේ නම් සඳහන්ව අදාළ නාම පුවරුව ඉදිකර තිබු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාලයේ දෙවැනි ඉංජිනේරු ප්‍රේම්කුමාර් මහතාගෙන් විමසීමේදී පැවසූවේ අදාළ නාම පුවරුව ඉවත් කිරීමට පියවරක් ගෙන නොමැති බවටයි.
COMMENTS