දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බේරුවල මුහුදේදී හෙරොයින් සමඟ ඇල්ලු ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ ගෙදර ලක්ෂ 59ක් හා සැටලයිට් දුරකථන 2ක්
Homeගොසිප්

බේරුවල මුහුදේදී හෙරොයින් සමඟ ඇල්ලු ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ ගෙදර ලක්ෂ 59ක් හා සැටලයිට් දුරකථන 2ක්

PropellerAds

බේරුවල - බළපිටිය මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 231කට අධික තොගය ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවෙසෙහි සඟවා තිබූ ර...

මවක් නොවී ඉපදුනා මව් සෙනෙහස... - නීෂා මධූරංගී
ක්‍රිකට් කියන්නේ අශ්ව රේස් එකක් නෙවෙයි - අර්ජුන රණතුංග
‘අර්ජුන කරල පෙන්නලත් තියනවා.. අර්ජුනටත් මේක දීල බලන්න’.. ක‍්‍රිකට් කඩාවැටීම ගැන මුරලිගෙන් සුවිශේෂී හෙළිදරව්වක් (VIDEO)
බේරුවල - බළපිටිය මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 231කට අධික තොගය ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවෙසෙහි සඟවා තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් සමඟ සැටලයිට් දුරකථන දෙකක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ. මෙම මුදල
සැකකරු විසින් හෙරොයින් ජාවාරමෙන් උපයා ගනු ලැබූ මුදල් බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින දිනයාදුර දූලීප් සමන්ත සිල්වා (44) යන මෙකී ට්‍රෝලර් යාත්‍රා හිමිකරුගේ බේරුවල, මොරගල්ල, ගොඩැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසේ පෙරේදා (12දා) දින පරික්ෂා කිරීමේදී මෙම මුදල් සහ සැටලයිට් දුරකථන දෙක සොයාගෙන ඇත. හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් මුදලින් ගත් සුපිරී නිවාස, ට්‍රෝලර් යාත්‍රා කිහිපයක් සහ තවත් දේපළ ඇතුළු මුදල් සැකකරු සතුව ඇති බවද පොලිසිය කියා සිටී. සැකකරුගේ දේපළ සම්බන්ධයෙන් ඉදිරීයේදී මුදල් විශුද්ධිකරණ පනත යටතේ කටයුතු කිරීමට නියමිත බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකාර සමන්ත ද සිල්වා ඉකුත් 07 වැනි දිනය යටියන්තොට - පහළ ගුරුගොඩ ප්‍රදේශයේදී කැලණි ගඟට පැන පලා යෑමට උත්සාහ කිරීමේදී දැඩි වෙහෙසක් දරා පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ඉකුත් 05 වැනි දින හෙරොයින් මත්කුඩු කිලෝ දෙසිය තිස් එකයි ග්‍රෑම් පනස් හතරක් සුදු පාට පොහොර උර එකොළහක, පැකට් දෙසිය දහහතරක අසුරා ඩිංගි බෝට්ටුවකින් ගොඩබිමට රැගෙන එමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් හා නාවික හමුදා හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගැනීමට සමත්විය.

එම පුද්ගලයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ට්‍රෝලර් යාත්‍රාවේ ප්‍රධාන සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වූ පසු ඔහු අත්අඩංගුවට ගැනීමට යැමේදී ඔහු ප්‍රදේශය හැර පලාගොස් තිබිණි. පසුව දින
දෙකකට පසු යටියන්තොට බැංකුවක් අසල සිටින බවට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමේදී කැලණි ගඟට පැන පලා යෑමට උත්සාහ දැරීමේදී රුපියල් ලක්ෂ 15ක මුදලක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.

ඔහු ඊට මඳ වේලාවකට පෙර බැංකුවෙන් මුදල් ලබා ගෙන තිබූ බවට කරුණු අනාවරණය වූ බව පොලිසිය කියයි.  ඔහු විදේශ ගතවීමේ සූදානමක් පැවැතියාද යන්න ගැන සොයා බලන බව පොලිසිය කියයි. මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා පෙරේදා (12දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

-චාමර අමරසුරිය-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බේරුවල මුහුදේදී හෙරොයින් සමඟ ඇල්ලු ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ ගෙදර ලක්ෂ 59ක් හා සැටලයිට් දුරකථන 2ක්
බේරුවල මුහුදේදී හෙරොයින් සමඟ ඇල්ලු ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ ගෙදර ලක්ෂ 59ක් හා සැටලයිට් දුරකථන 2ක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAU_9QwG6w1JjLsxKU5gvAU2rlwPasiZEOuFtq-7SX4uhMB52eqllm0XUFKj8fFRuzZmLjLy5YbE-aL8wye1HBoT_eS2C5UF-RjaOPdThlt3LkN7GGCiNXgpfqt4yeJ7u36ETPNRfvrAU/s1600/maxresdefault.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAU_9QwG6w1JjLsxKU5gvAU2rlwPasiZEOuFtq-7SX4uhMB52eqllm0XUFKj8fFRuzZmLjLy5YbE-aL8wye1HBoT_eS2C5UF-RjaOPdThlt3LkN7GGCiNXgpfqt4yeJ7u36ETPNRfvrAU/s72-c/maxresdefault.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/59-2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/59-2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy