දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරේ විපතට පත්වූ පවුල් සංඛ්‍යාව 18585 දක්වා ඉහළට
Homeප්‍රවෘත්ති

උතුරේ විපතට පත්වූ පවුල් සංඛ්‍යාව 18585 දක්වා ඉහළට

PropellerAds

උතුරු පළාතට බලපා ඇති ජල ගැලීම් තත්වයෙන් පළාතේ පවුල් 18585 කට අයත් පුද්ගලයින් 60345 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද ...

ගම්මන්පිලට පස්සේ පොහොට්ටුව දයාසිරිට වටකරගෙන ගහයි - ඇමැතිකමෙන් අස්වෙන්නලු
ගම්මන්පිලගේ විශ්වාසභංගයට දින 2ක්! ජන්දය 20 පස්වරුවේ!
ජනාධිපති වෙන්න මං සූදානම්.. 2015 පොදු අපේක්‍ෂක වෙන්නැයිද යෝජනා වූයේ මමයි - අර්ජුන රණතුංග
උතුරේ විපතට පත්වූ පවුල් සංඛ්‍යාව 18585 දක්වා ඉහළට

උතුරු පළාතට බලපා ඇති ජල ගැලීම් තත්වයෙන් පළාතේ පවුල් 18585 කට අයත් පුද්ගලයින් 60345 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙ.ව.9.00ට නිකුත් කල තත්ත්ව වාර්තාවේ දැක්වේ.

කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව හා යාපනය දිස්ත්‍රික්කයන් තුළ ජල ගැලීම් හේතුවෙන් අවතැන්වූවන් රැදවීමට තාවකාලික අවතැන් කදවුරු 38 ක් පිහිටුවා ඇති අතර,අදාළ අවතැන් කදවුරු තුළ පවුල් 3602 කට අයත් පුද්ගලයින් 11299 දෙනෙකු රදවා සිටියි.

වැඩිම පිරිසක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් පීඩාවට ලක්ව ඇති අතර පවුල් 9975 කට අයත් පුද්ගලයින් 33008 දෙනෙකු පීඩාවට ලක්ව ඇත.

දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්ව සිටින පිරිස් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන 24 ක රදවා තිබෙන අතර, රැදවුම් මධ්‍යස්ථාන තුළ පවුල් 2375 කට අයත් පුද්ගලයින් 7849 දෙනෙකු වර්තමානයේ රැදී සිටියි.

මුලතිව් දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 6520 කට අයත් පුද්ගලයින් 20737 දෙනෙකු පීඩාවට ලක්ව සිටින අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්වූවන් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන 13 ක පවුල් 1200 කට අයත් පුද්ගලයින් 3365 දෙනෙකු රදවා සිටියි.

යාපනය දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 273 කට අයත් පුද්ගලයින් 708 දෙනෙකු පීඩාවට ලක්ව සිටිති.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූවේ වවුනියාව දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 77 කට අයත් පුද්ගලයින් 281 දෙනෙකු පීඩාවට ලක්ව සිටින බවයි.

ආපදාවට ලක්වූවන් බේරා ගැනීම වෙනුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හා ආරක්ෂක අංශ කටයුතු කරන අතර ආරක්ෂක අංශ නිළධාරීන් 59 දෙනෙකු හා සෙසු සාමාජිකයින් 1019 දෙනෙකු ක්‍රියාකාරීව දායකවි සිටිති.

කිලිනොච්චිය යුධ හමුදා නිළධාරීන් මැදිහත් වි ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් හා ආපදාවට ලක්වු වැව් සකස් කිරීමද මේ වන විට සිදුකරමින් පවති.

පවතින වැසි තත්ත්වය අඩු වීමක් අපේක්ෂා කල නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නවතම අනාවැකියේ දැක්වේ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරේ විපතට පත්වූ පවුල් සංඛ්‍යාව 18585 දක්වා ඉහළට
උතුරේ විපතට පත්වූ පවුල් සංඛ්‍යාව 18585 දක්වා ඉහළට
http://am.lk/media/k2/items/cache/da804fc9d4bd92deb1e70d9629240ee6_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/18585.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/18585.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy